රන්වලගේ නඩුව අද යළි විභාගයට - පොලිසියෙනුත් චෝදනාවක්

Report

හිටපු කථානායක සහ ජාතික ජනබලවේගයේ, පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල පැදවූ ජීප් රථය, මෝටර් රථයක ගැටී තුන්දෙනෙකු තුවාල ලැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුව මහර මහේස්ත්‍රාත් අධිකරණයේදී අද දින විභාගයට ගැනීමට නියමිතව ඇත.

මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරිය ඉකුත්දා මන්ත්‍රීවරයා ප්‍රතිකාර ලබමින් සිටි කොළඹ ජාතික රෝහලට ගොස් රුපියල් ලක්ෂ 02 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔහු මුදා හැර මෙම නඩුව අද දින මහර මහේස්ත්‍රාත් අධිකරණයේදී කැදවීමටයි නියෝග කර තිබුණා.

එසේම මන්ත්‍රීවරයාගේ ජීප් රථයේ තිරිංග පද්ධතිය නිසි ලෙස නඩත්තු කර නොමැති හේතුවෙන් ඒ සම්බන්ධයෙන් චෝදනා අධිකරණයේ ගොනු කිරීමට පොලිසිය පියවර ගෙන ඇත.

වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනගේ වැඩ තහනම් - හේතුව දන්වා අමාත්‍යාංශයෙන් ලිපියක්

වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනගේ වැඩ තහනම් - හේතුව දන්වා අමාත්‍යාංශයෙන් ලිපියක්

ඊට අමතරව මෙම අනතුර සම්බන්ධයෙන් සපුගස්කන්ද පොලිසියේ ස්ථානාධිපතිවරයා, එහි රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුලු‍ නිලධාරීන්ට එරෙහිව මූලික විමර්ශනයක් ආරම්භ කර විනය ක්‍රියාමාර්ග ගන්නා මෙන් ද පොලිස්පතිවරයා උපදෙස් ලබා දී ඇත.

ඒ අනුව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කළේ එම පොලිස් ස්ථානය අධීක්ෂණය කරනු ලබන ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිවේදිත නිලධාරීන් විසින් ද රාජකාරි පැහැරහැරීමක් සිදුකර ඇති බවට නිරීක්ෂණය වී ඇති බවයි.

රන්වල අනතුරේ පොලීසියේ පැටිකිරිය ගැන පොලීසියෙන් විශේෂ නිවේදනයක්

රන්වල අනතුරේ පොලීසියේ පැටිකිරිය ගැන පොලීසියෙන් විශේෂ නිවේදනයක්

IMF වෙතින් ලංකාවට අ.ඩො.මි. 200ක් ලබාදීමට තීරණය කෙරෙන රැස්වීම අද

IMF වෙතින් ලංකාවට අ.ඩො.මි. 200ක් ලබාදීමට තීරණය කෙරෙන රැස්වීම අද