යළි ඇවිලෙන බංග්ලාදේශය - රට පුරා ප්‍රචණ්ඩ විරෝධතා සමඟ ගොඩනැගිලි රැසකට ගිනි තියයි

Report

බංග්ලාදේශ තුළ යළි ගැටුම් හටගෙන ඇති බව වාර්තා වේ.

ඒ හිටපු අගමැතිනි ෂෙයික් හසීනා බලයෙන් පහ කිරීමේ මෙහෙයුම් වල නිරත වූ ප්‍රධාන තරුණ නායකයෙකු වන ෂරීෆ් ඔස්මාන් නැමැත්තා ඝාතනයට ලක්වීමත් සමඟින්.

ශිෂ්‍ය නායක ෂරීෆ් ඔස්මාන් හාඩිගේ මරණයෙන් පසු ඊයේ දින සිට බංග්ලාදේශය පුරා ප්‍රචණ්ඩ විරෝධතා ඇතිවෙමින් තිබෙන බව වාර්තා වේ.

එසේම රටේ ජාතික මැතිවරණයට පෙර තවදුරටත් නොසන්සුන්තාවයක් ඇති වේ යනුවෙන් බියක් ද පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉන්දියාවත් අනතුරේ- රජය අනතුරු අගවයි

ඉන්දියාවත් අනතුරේ- රජය අනතුරු අගවයි

පසුගිය වසරේදී ෂෙයික් හසීනා රජය පෙරලා දැමූ ශිෂ්‍ය නායකයෙකු වූ හාඩි, ඉකුත් සිකුරාදා ඩකාහි මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කරමින් සිටියදී වෙස්මුහුණු දමා සිටි ප්‍රහාරකයින් විසින් හිසට වෙඩි තබා තිබුණා.

එහිදී සිංගප්පූරුවට ගෙන යාමට පෙර ඔහුට මුලින් ප්‍රාදේශීය රෝහලක ප්‍රතිකාර ලබා දුන් අතර එහිදී ඔහු දින හයකට පසු ජීවිතක්ෂයට පත්ව ඇත.

ඒ හේතුවෙන් උද්ගත වූ මෙම විරෝධතාවලදී හාඩිගේ නම සඳහන් කරමින් චිත්තවේගීය සටන් පාඨ දක්නට ලැබේ.

ප්‍රවෘත්ති ඒජන්සියේ රොයිටර් වාර්තාවක සඳහන් වූයේ බ්‍රහස්පතින්දා රාත්‍රිය වන තෙක් ප්‍රදේශ කිහිපයක් නොසන්සුන්ව පැවති බවත්, තවදුරටත් ප්‍රචණ්ඩත්වය වැළැක්වීම සඳහා අමතර ආරක්ෂක හමුදා යොදවා තිබෙන බවත්ය.

ගොඩබෑමේදී ගුවන් යානක් කඩා වැටී බිහිසුණු අනතුරක් - හත් දෙනෙක් ජීවිතක්ෂයට

ගොඩබෑමේදී ගුවන් යානක් කඩා වැටී බිහිසුණු අනතුරක් - හත් දෙනෙක් ජීවිතක්ෂයට

එමෙන්ම ඩකාහි, සමාජ මාධ්‍යවල සංසරණය වන වීඩියෝවල, රටේ විශාලතම දිනපතා පුවත්පත වන ප්‍රෝතොම් අලෝ මෙන්ම ඩේලි ස්ටාර් හි කාර්යාල විනාශ කරන ආකාරය ද පෙන්නුම් කර ඇත.

මේ අතර හාඩිගේ මරණයට ප්‍රතිචාර දක්වමින් බංග්ලාදේශයේ අන්තර්කාලීන නායක මුහම්මද් යූනුස් සඳහන් කළේ, "ඔහුගේ අභාවය ජාතියේ දේශපාලන හා ප්‍රජාතන්ත්‍රවාදී ක්ෂේත්‍රයට පිරිමැසිය නොහැකි පාඩුවක් නියෝජනය කරයි" යනුවෙන්.

එසේම හාඩිගේ මරණය සම්බන්ධයෙන් විනිවිද පෙනෙන පරීක්ෂණයක් සහතික කළ යූනුස්, පුරවැසියන්ගෙන් සන්සුන්ව සිටින ලෙසත් ඉල්ලා ඇත.

ආයෙත් තත්ත්වය භයානක වෙයි ජල ගැලීම් නිසා රට පුරා මාර්ග අවහිරයි - විශේෂ නිවේදනයක්

ආයෙත් තත්ත්වය භයානක වෙයි ජල ගැලීම් නිසා රට පුරා මාර්ග අවහිරයි - විශේෂ නිවේදනයක්