ශ්‍රී ලංකාවේ 5G සංඛ්‍යාත වර්ණාවලි වෙන්දේසියෙන් රජයට විශාල ආදායමක්

Report

ශ්‍රී ලංකාවේ 5G සංඛ්‍යාත වර්ණාවලි වෙන්දේසියෙන් රජයට රුපියල් මිලියන 15,295.5ක ආදායමක් රජයට හිමි ව ඇති බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සදහන් කර තිබේ.

ඒවගේම 5 G සංඛ්‍යාත වර්ණාවලි වෙන්දේසියක් ඊයේ(18) කොළඹදී පවත්වා තිබේ.

තවද ඒ අනුව 3500Mhz සංඛ්‍යාත පරාසයෙන් සහ 27ghz සංඛ්‍යාත පරාසයෙන් වෙනුවෙන් මෙම වෙන්දේසිය පවත්වා ඇති බව සදහන් වේ .

එහිදී 3500Mhz සංඛ්‍යාත පරාසයේ වර්ණාවලි මිලදී ගන තිබෙනුයේ ඩයලොග් ආසියාටා සමාගම සහ මොබිටෙල් සමාගමයි.

එ අනුව එක් සංඛ්‍යාතයක් රුපියල් බිලියන 5.175 බැගින් වෙන්දේසි වී තිබුණි .

තවද 27ghz සංඛ්‍යාත පරාසයේ වර්ණාවලි ද, ඩයලොග් ආසියාටා සමාගම මිලදී ගෙන තිබුණේ, රුපියල් මිලියන 310.5 ක මුදලකට වේ.

රන්වලගේ නඩුව අද යළි විභාගයට - පොලිසියෙනුත් චෝදනාවක්

රන්වලගේ නඩුව අද යළි විභාගයට - පොලිසියෙනුත් චෝදනාවක්

ඒ අනූව 5G සංඛ්‍යාත වර්ණාවලි වෙන්දේසියෙන් ලැබූ ආදායම, රුපියල් මිලියන 10,660.5 කි.

විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සඳහන් කළේ සංඛ්‍යාත ගාස්තු ඇතුලු සෙසු අය කිරීම් ද සමග රුපියල් මිලියන 15,295.5ක සමස්ත ආදායමක් ඉන් රජයට හිමිව ඇති බව‍‍යි.

තවද ඊට අදාළ ගෙවීම් සදහා 2029 දක්වා කොටස් වශයෙන් ලබාදීමට අවස්ථාව ලැබී තිබේ .

අද පාර්ලිමේන්තු විශේෂ සැසිවාරය ඇරඹේ

අද පාර්ලිමේන්තු විශේෂ සැසිවාරය ඇරඹේ