තව දුරටත් ප්‍රධාන වැව් 34 ක වාන් දොරටු විවෘතයි
දැනට ඇදහැලෙන මහ වැසි හේතුවෙන් ප්‍රධාන වැව් 73න් 34කට ආසන්න ප්‍රමාණයක් තවදුරටත් වාන් දමන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සදහන් කර තිබේ .
තවද මධ්‍ය ප්‍රමාණයේ ජලාශ 48ක්ද තවදුරටත් වාන් දමන බව එහි වාරිමාර්ග අධ්‍යක්‍ෂ ජලවිද්‍යා සහ ආපදා කළමණාකරණ, ඉංජිනේරු එල් ඒ එස් සූරියබණ්ඩාර මහතා සදහන් කරයි.
නැගෙහිර, ඌව සහ මධ්‍යම පළාත්වල සහ පොළොන්නරුව හා හම්බන්තොට දිස්ත්‍රික්කවල විටින් විට අද දිනයේද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර තිබේ.
ඒ වගේම ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ක පමණ තරමක තද වැසි ඇති විය හැකි බව වාර්තා වෙයි.
බස්නාහිර සහ සබරගමුව පළාත්වල සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල පස්වරු එකෙන් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවේ.
මේ අතර ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය ඉල්ලීමක් කළේ අවදානම් සහිත ඉඩම් සහ නිවාසවල පදිංචි ජනතාවට එම ස්ථානවලින් ඉවත් වන ලෙසයි.