දක්ෂිණ අධිවේගයේ දරුණු අනතුරක් - එක අයෙක් ජීවිතක්ෂයට
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව සහ කොට්ටාව අතර කිලෝමීටර 2 ආසන්නයේදී ඊයේ (18) දින රාත්‍රී ලොරි රථ දෙකක් එකිනෙක ගැටීමෙන් රිය සහයකයකු මිය ගොස් රියැදුරකු බරපතළ තුවාල ලබා රෝහල්ගත කළ බව අධිවේගී මාර්ග රථවාහන පොලිසිය ප්‍රකාශ කරයි.
ඒ අනුව අනතුරින් මියගොස් ඇත්තේ වයස අවුරුදු 48ක් වන අලුත්ගම දර්ගා නගරයේ පදිංචිකරුවෙක් බව සඳහන්.
එසේම පොලීසිය සඳහන් කළේ කඩවත සිට වැලිපැන්න දෙසට ධාවනය වෙමින් තිබූ රබර් ෂීට් පැටවූ ලොරිය කාර්මික දෝෂයකට ලක්වීමෙන් අනතුරුව මාර්ගයේ පසෙක නතර කර ඇති බවයි.
එසේ තිබියදී එම දිශාවටම ධාවනය වූ එළවළු පටවාගෙන යමින් තිබූ ලොරියක් නවතා තිබූ ලොරිය පිටුපස ගැටීමෙන් මෙම අනතුර වී ඇති බව පවසයි.
මෙම අනතුරින් එළවළු ලොරියේ රියැදුරු සහ සහායක බරපතළ තුවාල ලබා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව රිය සහායක මියගිය බව පොලිසිය වාර්තා කළා.
එමෙන්ම මියගිය පුද්ගලයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය හෝමාගම මූලික රෝහලේ දී සිදු කිරීමට නියමිතව ඇත.
මේ අතර අනතුර සම්බන්ධයෙන් ලොරි රථ දෙකේ රියදුරන් පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇති අතර අනතුරින් එළවළු ලොරියේ ඉදිරිපසට බරපතළ අලාභ සිදු වී ඇති බව සඳහන්.