2026 පාපන්දු ලෝක ශූරයින්ට ලැබෙන අති විශාල ත්‍යාග මුදලේ විස්තරය මෙන්න
By Kanchana
ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සහභාගිවන කණ්ඩායම් සඳහා ප්‍රදානය කරන ත්‍යාග මුදල 50% කින් වැඩි කරන බව ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය (FIFA) නිවේදනය කර ඇත.
මෙම තරගාවලිය අමෙරිකාව, කැනඩාව සහ මෙක්සිකෝවේ සමසත්කාරකත්වයෙන් පැවැත්වේ.
ඒ අනුව ලෝක කුසලානයේදී කණ්ඩායම් සඳහා වාර්තාගත අමෙරිකානු ඩොලර් මිලියන 727ක මුදලක් මෙවර ප්‍රදානය කිර්‍රමට තීරණය කර තිබේ.
තවද මෙවර ශූරයින් හට පිරිනැමෙන මුදල අමෙරිකානු ඩොලර් මිලියන 50ක් වේ.
එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 1500කට අධිකය.
මෙම ලෝක කුසලාන පාපන්දු තරගාවලිය ලබන වසරේ ජුනි 11වනදා ආරම්භ වීමට නියමිතව තිබේ.
එය ජූලි 19වනදා දක්වා පැවැත්මට කටයුතු සූදානම්ව ඇත.