අත්අඩංගුවට පත් ශාන් විජයලාල් ද සිල්වා ජුනි 12 දක්වා රිමාන්ඩ්

Report

දකුණු පළාත් හිටපු මහ ඇමතිවරයෙකු මෙන්ම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන ශාන් විජයලාල් ද සිල්වා ජුනි 12 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අද (10) උදෑසන ඔහුව අත්අඩංගුවට ගත්තේ ප්‍රකාශයක් ලබාදීම සඳහා අද අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම වෙත පැමිණි අවස්ථාවේදීයි.

දකුණු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ෂාන් විජයලාල් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට

දකුණු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ෂාන් විජයලාල් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට

2019 වසරේදී රුපියල් මිලියන 16. 5 ක මන්ත්‍රී ප්‍රතිපාදනවලින් පළාතේ ස්වේච්ඡා සමිති සඳහා පුටු ලබාදීමේදී නියමිත ප්‍රසම්පාදන ක්‍රමවේදයෙන් බැහැරව නිෂ්පාදන ආයතනයක් තෝරාගනිමින් එම ආයතනය වෙත වාසියක් සිදුකිරීමේ චෝදනාව මතයි.

එලෙස මිලදී ගන්නා පුටු 16,361 ක්, පළාත් සභා මන්ත්‍රීවරුන් 54කගේ නිවාස හා කාර්යාල වෙත ප්‍රවාහනය කරවා භාරදීමට සැලැස්වීම මගින් රජයට පාඩු සිදුකිරීම සම්බන්ධයෙන් ද ඔහුට චෝදනා එල්ල වී ඇත.

හදිසි තත්ත්වයක් - STF රැස්වෙයි - කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට දැඩි ආරක්ෂාවක් - සුරේෂ් සලේගේ ප්‍රශ්ණය ලැව්ගින්නක් වෙයි

හදිසි තත්ත්වයක් - STF රැස්වෙයි - කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට දැඩි ආරක්ෂාවක් - සුරේෂ් සලේගේ ප්‍රශ්ණය ලැව්ගින්නක් වෙයි

දුරකථනයක් භාවිතා කරනවානම් හෝ බැංකු ගිණුමක් තියෙනවනම් අනතුරු ඇඟවීමක් - ශ්‍රී ලංකා පොලිසියෙන් විශේෂ නිවේදනයක්

දුරකථනයක් භාවිතා කරනවානම් හෝ බැංකු ගිණුමක් තියෙනවනම් අනතුරු ඇඟවීමක් - ශ්‍රී ලංකා පොලිසියෙන් විශේෂ නිවේදනයක්