කඩවලින් මින්පසු 'සිලි සිලි' බෑග් නොමිලේ හම්බෙන්නේ නෑ -පාරිභෝගික අධිකාරියෙන් දැඩි නියෝගයක්

Report

භාණ්ඩ අලෙවි කිරීමේදී පාරිභෝගිකයන්ට ‘සිලි සිලි’ පොලිතීන් බෑග් නොමිලේ ලබාදිය නොහැකි බව පාරිභෝගික කටයුතු අධිකාරිය (CAA) පවසයි.

2025 ඔක්තෝබර් 1 වැනිදා අතිවිශේෂ ගැසට් පත්‍ර අංක 2456/41 යටතේ ප්‍රකාශයට පත් කළ අංක 95 දරන නියෝගය මගින් මෙම අවශ්‍යතාව පනවා ඇති අතර, එය 2025 නොවැම්බර් 1 වැනිදා සිට බලාත්මක බව අධිකාරිය සඳහන් කරයි.

අත් ඇති අඩු ඝනත්ව පොලිතීන් (LDPE) හෝ රේඛීය අඩු ඝනත්ව  පොලිතීන් (LLDPE) වලින් නිෂ්පාදනය කරන, සාමාන්‍යයෙන් ‘සිලි සිලි’ බෑග් ලෙස හඳුන්වන බෑග් මෙම නියෝගයට යටත් වේ.

වෙළෙන්දෙකු එවැනි බෑගයක් පාරිභෝගිකයෙකුට ලබා දෙන්නේ නම් ඒ සඳහා ගාස්තුවක් අය කළ යුතු අතර, අදාළ මිල වෙළෙඳසැලේ පැහැදිලිව පෙනෙන ස්ථානයක ප්‍රදර්ශනය කළ යුතුය.

එමෙන්ම, බෑගය සඳහා අය කරන මුදල පාරිභෝගිකයාට ලබාදෙන බිල්පතේ වෙනම සඳහන් කළ යුතු බවද පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි. බෑග් සම්බන්ධයෙන් මිලදී ගැනීමේ ඉන්වොයිසි, බිල්පත් සහ සැපයුම්කරුවන්ගෙන් ලැබෙන අදාළ ලේඛන නිසි පරිදි පවත්වාගෙන යන ලෙසද වෙළෙඳුන්ට උපදෙස් ලබාදී තිබේ.

බීලා සහ කුඩු ගහලා ඩ්‍රයිව් කරන අයට වැඩ වරදියි- පොලිසියෙන් දිවයින පුරාම විශේෂ මෙහෙයුමක්

බීලා සහ කුඩු ගහලා ඩ්‍රයිව් කරන අයට වැඩ වරදියි- පොලිසියෙන් දිවයින පුරාම විශේෂ මෙහෙයුමක්

එමෙන්ම, බෑගය සඳහා අය කරන මිල වෙළෙඳසැලේ ප්‍රදර්ශනය කර තිබේද සහ එම ගාස්තුව තම බිල්පතේ වෙනම සඳහන් කර තිබේද යන්න පරීක්ෂා කරන ලෙස පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටී. අංක 95 දරන නියෝගය උල්ලංඝනය කරන වෙළෙඳුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවට පාරිභෝගික කටයුතු අධිකාරිය අනතුරු අඟවයි.

හැකි සෑම අවස්ථාවකදීම නැවත භාවිත කළ හැකි සාප්පු බෑග් භාවිත කරන ලෙසද අධිකාරිය පාරිභෝගිකයන්ගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටී.

රුපියල තවත් පල්ලම් බසියි - ප්‍රධාන බැංකු කිහිපයකම අලුත්ම අනුපාත මෙන්න

රුපියල තවත් පල්ලම් බසියි - ප්‍රධාන බැංකු කිහිපයකම අලුත්ම අනුපාත මෙන්න