" ආදරය කරපු කෙනෙක් කවදාවත් රවට්ටන්න එපා" මෙලොවින් සමුගත් දසුන්ගේ මව හැඬු කඳුලින් කියන කතාව
ලාංකීය කලා ක්ෂේත්‍රය තුළ සුවිශේෂ ගමනක් ගමන් කරමින් ලාංකීය ජනයා අතර සීඝ්‍රයෙන් ජනප්‍රියත්වයට පත් තරුණ රංගන ශිල්පියෙකු තමයි දසුන් නිශාන් කියලා කියන්නේ. කොහොම වුනත් ආදරය නිසා සියල්ල අතහැරලා ගිය හැමෝගෙම ආදරේ දිනාගත් චරිතයක් ලෙස ඔහුව හදුන්වන්න පුලුවනි.
ඇත්තෙන්ම වර්තමානය වනවිට ඔහු මෙලොව හැරගොස් තිබුනත් කාලයක් ගොසිප් සයිට්වල වගේම සමාජ ජාලාවල ප්‍රසිද්ධ ඔහු පිළිබඳ විශාල කතාබහක් ඇතිව තිබුණා
කොහොමහරි ඉතින් ඔහු මෙලොව නැති නැතිවුනත් තමන්ගේ පුතා ගැන මතක් කරකර දුක්වෙන ඔහුගේ මව ඉන්නවා. ඉතින් ඇයට වයස අවුරුදු විස්සක් වෙද්දී මේ දක්ෂ රංගන ශිල්පියා මෙලොව එළිය දකින අතර ඔහුගේ කුඩා කාලය ගැන ඇය සිහිපත් කළේ මෙලෙසයි
මගේ පුතා පොඩිකාලේ ගොඩක් දඟයි, එයා දඟ එකේ හොඳම එක. හැබැයි එයා හැමෝටම ගොඩක් ආදරෙයි. එයාට අවුරුදු දහතුනකට පස්සේ තමයි මල්ලි කෙනෙක් ලැබෙන්නේ. ඒ දෙන්නාගේ අතරේ තියෙන්නේ පුදුමාකාර බැඳීමක් ” කියලයි ඇය කියන්නේ
ඉතින් වැඩිදුරටත් අදහස් දක්වමින් ඇය කියන්නේ. දසුන් කියන්නේ ගොඩක් ආදරේ හොයපු කෙනෙකු බවයි. ඉතින් ඔහුගේ ආදරය පිළිබඳ ඇය කියන්නේ මේ වගේ කතාවකුයි ”එයා එයාගේ ප්‍රථම ප්‍රේමය අමතක කලේ නෑ.
එයා ස්ථාවර වෙලා ඇවිත් මගෙන් ඇහුවා අම්මේ මම කසාද බදින්නද කියලා. ඉතින් ඒකට මට විරුද්ධ වෙන්න හේතුවක් තිබුනේ නෑ. ඒ නිසාවෙන් මම ඔවුන්ට ආශිර්වාද කළා. ඉතින් ඊට පස්සේ එයා ගිවිසගැනීම සිදුකලා. කියලයි
කොහොම නමුත් ඇය කියන්නේ තමන්ගේ පුතු ගේ හදලා වෙඩින් එක ගන්න ඕන කිවුවා කියලයි. ඒ වගේම ඉස්සර දසුන් වැඩ ඉවරවුනාම රෑ වෙලා ගෙදර එන බව කියන ඇය ඔහු ගිවිසගනීමෙන් පසුව ගෙදර එන එක අඩු කළ බවයි කියන්නේ.
ඉතින් ඊට හේතුව ලෙස ඔහු කිව්වේ ‘අම්මේ නෝනා මට ගොඩක් ආදරෙයි ඒ නිසා මම නෝනගේ ගෙදර ඉන්නවා කියල බවයි ඇය කියා සිටියේ
කොහොමහරි ඉතින් වැඩිදුරටත් අදහස් දක්වපු ඇය කියන්නේ ” කොච්චර ඉගෙන ගත්තත් සමාජේ ආශ්‍රය කලත් ආදරය ඉදිරියේ ගොඩක් අය අසරණ වෙනවා. මගේ පුතාටත් වුනේ ඒ ටික.
ආදරේ කියලා මිනිස්සුන්ට මේ තරම් වංචනිකව හැසිරෙන්න පුලුවන්ද කියලා මට හිතාගන්නවත් බෑ. ඒත් සමහර අය බොරුවට ආදරෙයිවගේ හැසිරිලා අවංකවම ආදරේ කරන අයට ජීවිතේ පවා එපා කරනවා” කියලයි
ඉතින් දසුන්ට යාළුවො ගොඩක් හිටියා කියන ඇය කියන්නේ එයා නැතිවුණ මුල් කාලේ හැමෝම පන දෙන්න වගේ කතා කළ බවයි. කෙනෙක් පනස් දෙදාහක් ගෙනත් දුන්නු බව කියන ඇය අධ්‍යක්ෂක කෙනෙක් කතා කරලා එයාට ගොඩක් පාඩු උනා කිවිවා කියලයි කියන්නේ.
ඒ වගේම දැන් ඒ කවුරුවත් කතා කරන්නේ නෑලු. ඇය කතා කලත් ඔවුන් ආන්සර් කරන්නේ නෑලු, ඒ තමයි මිනිස්සුන්ගේ හැටි කියන ඇය කියන්නේ පුතෙක් නැතිවුන එකේ ඒක දරාගන්න මට බැරි නෑ කියලයි.
ඉතින් ඇය අවසාන වශයෙන් මම මේ සමාජේ තරුණ තරුණියන්ගෙන් ඉල්ලා සිටියේ ” කවදාවත් තමන්ට ආදරේ කරන කෙනෙක්ට බොරු කරන්න එපා රවට්ටන්න එපා” කියලයි
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |