අවුරුදු 08ක් වයසැති පාසල් සිසුවෙකුට බරපතල ලිංගික අතවර..

Report

වවුනියාව - වක්කකුලම් ප්‍රදේශයේ දී වයස අවුරුදු 08ක සිසුවෙකුට බරපතල ලෙස ලිංගික අතවරයක් සිදුකළ පුවතක් වාර්තා වේ.

ඒ සම්බන්ධයෙන් 15 හැවිරිදි පාසල් සිසුවෙකු වවුනියාව පොලීසිය විසින් 28 වන දා අත්අඩංගුවට ගෙන ඇත.

සැකකාර සිසුවා පාසල අවසන් වීමෙන් පසුව අනෙක් සිසුවාව නිවසකට රැගෙන ගොස් මුළු රැයක් පුරාම එම නිවසේ තබාගෙන තිබෙනවා.

ඒ අතරතුර සිසුවාට පහරදෙමින් බරපතල ලෙස ලිංගික අතවර සිදු කර ඇති බව වාර්තා වේ.

නිවසට නොපැමිණිම හේතුවෙන් නිවසේ උදවිය වවුනියාව පොලීසියට පැමිණිල්ලක් සිදුකර තිබෙනවා.

ඒ අනුව පොලීසිය විසින් එම සිසුන් දෙදෙනාම අත්අඩංගුවට ගෙන ඇති අතර ලිංගික අතවරයට ලක් වූ සිසුවා වවුනියාව මහ රෝහලට ඇතුළත් කර ඇත.

කෙසේ වෙතත්, සිද්ධිය සම්බන්ධයෙන් වවුනියාව පොලීසියේ ළමා හා කාන්තා ඒකකයේ නිලධාරීන් විසින් වැඩිදුර විමර්ෂණ සිදුකරනු ලබයි.