මුළු ලංකාවේම අද තත්ත්වය - 1න් පස්සේ වෙන්නේ මේකයි
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මඟින් අද (24) දින බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව නිවේදනයක් නිකුත් කර ඇත.
එසේම මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බව ද සඳහන්.
අඳාළ නිවේදනයෙහි දැක්වෙන්නේ උතුරු සහ උතුරු මැද පළාත්වලද වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි අතර, ඌව පළාතේත් මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් පස්වරු 1.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි.
තවද එම දෙපාර්තමේන්තුවෙන් දක්වා ඇත්තේ මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් බස්නාහිර, උතුරු, උතුරු-මැද, වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට පැ.කි.මී. 40-50ක පමණ තද සුළං ඇතිවිය හැකි බවයි.
කෙසේ වෙතත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන ඉල්ලා සිටින්නේ ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.