අපි දෙන්නට අපි දෙන්නා හරි නම් ඒ ඇති මේක ආශ්‍රයක් විතරක් වුණා නම් ඒක මෙයාට හොඳ නෑ - බුකිය කළඹපු ඒ දෙන්නා

Report

කලා ලෝකෙන් එක එක කතා ඇහෙනවානේ. මෑතකදි ඇහුන එහෙම කතාවක් තමයි සිංහල සිනමාවේ ප්‍රවීණ රංගන ශිල්පියෙක් වන සනත් ගුණතිලක සහ ජනප්‍රිය රංගන ශිල්පිනියක් වගේම චිත්‍රපට නිෂ්පාදිකාවක් වන ජානකී විජේරත්න විවාහ වෙලා කියන කතාව.

ගින්නක් නැතුව දුමක් නගින් නෑ කියනවානේ. ඔන්න ඉතින් ඒ කතාව ඒ දෙන්නම තහවුරු කරලා කියලා තමයි ආරංචිය.

මීට කළින් ඒ දෙන්නා ප්‍රසිද්ධ අවස්ථාවන්වල නිතර එකට පෙනී හිටපු නිසා ඒ දෙන්නා අතර පෙම් සම්බන්ධතාවක් තියෙනවා කියලා කසුකුසුවක් ගියත් ගොඩක් අය ඒ දෙන්නා විවාහ වෙලා හිටියා කියලා දන්නේ නැහැ.

ඔන්න ඉතින් කසුකුසුවටත් එක්කම ඒ දෙන්නා කියලා තියෙනවා මීට මාස හයකට විතර කළින්ම දෙන්නා නීත්‍යානුකූලව විවාහ වුණා කියලා.

සජිතගේ කැදැල්ලට ආයෙම වතාවක් චූටි අමුත්තෙක්

සජිතගේ කැදැල්ලට ආයෙම වතාවක් චූටි අමුත්තෙක්

දෙන්නම හිතලා තියෙන්නේ ලෝකයාට පෙන්වන්න මංගල උත්සවයක් ඕනේ නෑ කියලා.

මේ ගැන අදහස් දක්වලා ජානකී විජේරත්න කියලා තියෙන්නේ "අපි දෙන්නා නීතියෙන් විවාහ වෙලා ඉන්නෙ. කිසිම කෙනෙකුට කරදරයක් නොවී අපි දෙන්නා සතුටින් ඉන්නවා. මං හිතන්නෙ නෑ, අපි විවාහ වෙච්ච එකෙන් කාටවත් අසාධාරණයක් කරදරයක් වුණා කියලා,"

ඒවගේම සනත් ගුණතිලක විසින් මෙය කාලාන්තරයක් තිස්සේ පැවති සම්බන්ධයක් නොවන බවත් 'රාණි' චිත්‍රපටයේ වැඩකටයුතු අතරතුර ආරම්භ වූවක් බවත් කියනවා.

විශේෂයෙන්ම එම චිත්‍රපටය මහජන ප්‍රදර්ශනයට එළිදැක්වීමේදී, එහි ප්‍රවර්ධන කටයුතුවලට එක්වීමත් එක්ක තමයි දෙදෙනා අතර අදහස් ගැලපීමක් තියෙනවා කියලා දැනිලා තියෙන්නේ. ඒ හැඟීම මත ඉතා ඉක්මන් තීරණයක් ගත් බව කියනවා කියලා තමයි වාර්තා වුණේ.

ඒ වගේම ඔහු කියන්නේ ඒක ආශ්‍රයක් විදිහට විතරක් පවත්වාගෙන ගියා නම් ඒක ජානකී විජේරත්න මහත්මියට අගතියක් හෝ කටකතාවක් වෙන්න ඉඩ තිබ්බා කියලයි.

තිසර පෙරේරා ආදරණීය පුංචි දියණියව පළමුවරට සමාජ මාධ්‍යයට පෙන්වයි - අනේ එයාගේ ලස්සන

තිසර පෙරේරා ආදරණීය පුංචි දියණියව පළමුවරට සමාජ මාධ්‍යයට පෙන්වයි - අනේ එයාගේ ලස්සන

තමාට ඇය ගැනත්, ඇයට තමා ගැනත් දැනුණු දේ සමීප සම්බන්ධයක් දක්වා වර්ධනය වෙලා ඒක විවාහයකින් කෙළවර වීම සුදුසුයි කියලා දෙන්නම තීරණය කළා කියලා තමයි සඳහන් වෙන්නෙ.

ඒ වගේම සනත් ගුණතිලක කියන්නේ තම ජීවිතයේ පෙර පැවති සබඳතා කිසිවකට හෝ ඊට සම්බන්ධ වූ පාර්ශ්වයන්ට තමා කිසිවිටෙකත් අපහාස කර හෝ හෙළා දැකලා කතා කරලා නෑ කියලා.

සමහරු අවලාද කරත් ගත්තු තීරණේ ගැන සමහරුන්ට පුදුමයක් තියෙන්න පුළුවන් වුණත් සිය රජකාරී කටයුතුවලට ජානකී මහත්මියගෙන් විශාල රුකුලක් ලැබෙන බවත් ඒක ආශිර්වාදයක් විදිහට දකිනවා කියලා ඔහු කියනවා.

ඒ "අපි දෙන්නට අපි දෙන්නා හරි නම් ඒ ඇති," යනුවෙන්ද අදහස් දක්වමින්.

සුබ ආරංචියක් - මේ ණය ගෙවා ගන්න බැරි අයට සහනයක්

සුබ ආරංචියක් - මේ ණය ගෙවා ගන්න බැරි අයට සහනයක්

කලා ලොව ක්ෂේත්‍රයේ අයම ඕනෑ තරම් විවාහ වෙනවා දැකලා තිබ්බත් ගොඩක් අයගේ කතාබහට මේ විවාහය ලක්වෙන්නේ සනත් ගුණතිලක 69 වියේ පසුවීම කියලා තමයි ආරංචි වෙන්නෙ.

ඒ වගේම ජානකීගේ වයස ප්‍රසිද්ධ කරලා නෑ. කොහොම වුණත් ඉතින් මොන කතාබහ හැදුනත් ඕනෙම පුද්ගලයෙක්ට කාටවත් කරදරයක් නැත්තම් තමන් කැමති විදිහට ජීවත් වෙන්න අයිතියක් තියෙනවලුනේ.

ඉතින් එහෙම බැලුවම සනත් ජානකී විවාහය ඒ දෙන්නගේ තනි අයිතියක්. ඕන කෙනෙක්ට අදහස් දක්වන්න පුළුවන් බව ඇත්ත වුණත් විවේචනය කරන්න අයිතියක් තියෙනවද කියලා තම තමන් හිතලා තීරණය කරන්න ඕනේ දෙයක්.

කොහොම නමුත් ඒ විවාහයටත් සුබ පැතුම් එක් කරන බොහෝ පිරිසක් මේ වෙලාවේ ඉන්නේ ටිකක් පුදුම වෙලා කියලා නම් සමාජ මාධ්‍යයෙ වැටෙන අදහස් වලින් කියන්න පුළුවන්. 

වාහන ගන්න හිටපු අයට දැන් තමයි වෙලාව - විශාල මිල පහළ යෑමක්

වාහන ගන්න හිටපු අයට දැන් තමයි වෙලාව - විශාල මිල පහළ යෑමක්

GalleryGalleryGalleryGallery