ගතවූ පැය 24 තුළ වැඩිම වැස්ස අම්පාරට - රතු අනතුරු ඇඟවීම් - සුදානම් වෙන්න
ගතවූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය අම්පාර ප්‍රදේශයෙන් වාර්තා වූ බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා සහ ආපදා කළමනාකරණ අධ්‍යක්ෂ ඉංජිනේරු එල්.එස්. සූරියබණ්ඩාර මහතා අද (09) පෙරවරුවේ පැවසීය.
එමෙන්ම අනෙකුත් බොහෝ ස්ථානවල වර්ෂාපතය මි.මි. 10ට අඩු මට්ටමක පැවති බවත්, ඒ හේතුවෙන් ගංගාවල ජල මට්ටම වැඩිවීමක් වාර්තා නොවන බව හෙතෙම සඳහන් කළේය.
අද සවස සිටම රටම ගැහෙයි - ගැඹුරු පීඩන අවපාතය හම්බන්තොට - කල්මුණේ අතරට - රතු අනතුරු ඇඟවීම් නිකුත් වෙයි
කෙසේ නමුත් ප්‍රධාන ජලාශ 73න් 28ක් මෙන්ම මධ්‍ය ප්‍රමාණයේ වැව් 22ක් තවවමත් වාන් දැමීම සිදුවන බව ඔහු පැවසීය.
යාන්ඔය හා දැදරු ඔය ජලාශයන්හි ජලය නිදහස්කිරීම සැලකිය යුතු ප්‍රමාණයකින් වැඩි කර ඇති වුවත්, කිසිදු ගංගා ද්‍රෝණියක අනතුරුදායක ලෙස ජලය නිදහස් කිරීමක් සිදු නොවන බවත් ඉංජිනේරු එල්.එස් සූරියබණ්ඩාර පවසයි.