ඔයාට ඉන්නේ serious ලව් කරන කොල්ලෙක් නම් අනිවර්‍යයෙන්ම එයත් මෙන්න මේ වගේ..කියවලාම බලන්න...

By Sewvandhi Mar 25, 2023 03:22 PM GMT
Sewvandhi

Sewvandhi

Report

අපි අපේ ජිවිත කාලය තුලදී හිත ගිය ආදරකතා කීයක් නම් හම්බවෙලා ඇතිද, ඒත් ඉතින් ඒවගෙන් හැබෑ වෙන්නේ එකයිනේ. ඒ විදියට හැබෑ වුනු ආදර කතාව හෝ හැබෑවක් කරගන්න යන ආදරය සත්‍යම ආදර කතාවක්ද කියලා දැනගන්න පුළුවන් මෙන්න මේ කියන ලක්ෂණ ඔබේ ඔය ආදර කතාව ඇතුලෙත් තියෙනවා නම්. මේ ලක්ෂණ ඔයාගේ සැමියා හෝ පෙම්වතා ළගත් තියෙනවා නම් එයා ඔයාට ඇත්තටම ආදරේ කරනවා.

ඔයාව තේරුම් ගන්නවා

අපිට දිගු කාලින බැඳීමක් පවත්වාගෙන යන්න නම් අනිවර්‍යයෙන්ම එකිනෙකා ගැන තියෙන අවබෝධය වැදගත් වෙනවා කියන එක එයා තේරුම් අරන් ඉන්නේ. ඒ නිසා ඔයා කියන කරන දෙවල් ගැන එයාට හොඳ අවබෝධයක් තියෙනවා. ඒ නිසා එයාට ඔයාව හොඳින් තේරුම් ගන්න පුළුවන්.

ඔයාව පරිස්සම් කරනවා

එයා ඔයාගේ ආරක්ෂාව ගැන ගොඩාක් හිතන නිසා ඔයාව ඇස් දෙක වගේ පරිස්සම් කරනවා, වද වෙනවා. ඒ නිසා නිතරම සොයා බලනවා. කතා කරනවා. එයා එහෙම කරන්නේ ඔයාව එයාට ගොඩක් වටින නිසා. ඔයා යන එන තැන්, ඔයා වැඩ කරන තැන, ඔයා ඇසුරු කරන අය ගැන හොයලා බලනවා. ඒත් සමහර කෙල්ලෝ නම් ඒවට එච්චර කැමති නැහැ එහෙම වුණාම ඕන තරම් රණ්ඩු දා ගන්නවා. ඒත් එයා එහෙම කරන්නේ ඔයාට තියෙන ආදරේ නිසා කියලා තේරුම් ගන්න.

ඔයාට ශක්තියක් වෙමින් වටිනාකමක් ලබා දෙනවා

නිතරම තමන්ගේ පෙම්වතියගේ, බිරිඳගේ ළඟින්ම ඉඳගෙන කොන්දේසි රහිතව ශක්තියක් වෙන ඔයාගේ දේවල් හොයලා බලලා ඒවට සහය වෙන එක සැබෑ පෙම්වතෙක්ගේ, ආදරණිය සැමියෙක්ගේ අනිවාර්ය ලක්ෂණයක්. ඒ වගේම ඔයාට එයාගේ ජිවිතේ දීලා තියෙන තැන අනුව හොඳින්ම දැන ගන්න පුළුවන් එයාට ඔයාව කොයි තරම් දුරට වැදගත්ද, වටිනවද කියලා. හැම මොහොතකම, හැම තැනකදීම එයා ඔයාට වටිනාකමක් දීලා කතා කරනවා නම්, ඔයාට දැනෙන්න දෙනවා නම් එයාට ඔයාව වටිනවා කියලා, දැනෙන්න ආදරේ කරනවා නම් එයා හරිම රොමෑන්ටික් කොල්ලෙක්.

රහස් තියාගන්නේ නැහැ.

මේ වගේම අවංක කොල්ලෝ හිතේ එකක් තියාගෙන තව දෙයක් කියන්නේ නැහැ. එයාගේ ජිවිතේ පෞද්ගලික දේවල් ගැන, එයාගේ අතීතය ගැන, පරණ සම්බන්ධතා ගැන හැම දෙයක්ම සගවන්නේ නැතුව ඔයාට කියලා තියෙනවා නම් එකෙන්ම එයාගේ අවංකකම තහවුරු වෙනවනේ. හැංගි හොරා වැඩ කරන්නේ නැතුව open කතා කරන එක අවංක ආදරවන්තයෙක්ගේ මූලිකම ලක්ෂණයක්.

ඔයාගේ ගෞවරය රකිනවා

ගෑණු ළමයෙක්ට, ගැහැණියකට ගෞරවය කියන දේ මොන තරම් වටිනා දෙයක්ද කියන එක ඕනම පිරිමියෙක් දන්නවා. ඒ නිසා හොද ගතිගුණ තියෙන ඔයාට ඇත්තටම ආදරය කරන කෙනෙක් නම් පවුලේ අය හෝ පිට අය ඉස්සරහදීත් ඔයාගේ ගෞරවය ගැන හිතලා තමයි වැඩ කරන්නේ. ඔයාව අපහසුතාවයට පත් වෙන, ඔයාට ලැජ්ජාවක් වෙන කිසිම විදියේ දෙයක් කරන්න එයා කවදාවත් පෙළඹෙන්නේ නැහැ.


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now