කොවිඩ් මට මගේ තාත්තව නැති කළා. – සෙනාලි කිව්ව කතාව

Sri lanka covid 19 Senali fonseka
By Sithumi Jul 17, 2021 05:03 PM GMT
Sithumi

Sithumi

Report

සෙනාලි ෆොන්සේකා මේ දිනවල වැඩි වශයෙන් ප්‍රේක්ශක ආදරයට පාත්‍ර වෙලා ඉන්න රංගන ශිල්පිනියක්. සෙනාලි ෆොන්සේකා කියනවාට වඩා මේ දවස් වල සෙනාලිව ගොඩ දෙනෙක් දන්නේ සුදු චූටි කියලයි.

ඇය පුවත්පතකට අදහස් දක්වමින් තමන් ගැන මේ විදියට කියලා තිබුණා. මේ දින වල ජනතාව ඉතාමත් ආදරයෙන් වැළදගෙන සිටින නාඩගම්කාරයෝ ටෙලි නාට්‍යයේ වැඩකටයුතු කරනවා.

කොරෝනා තත්ත්වය නිසා ඉතා අපහසු වුණත් පළවෙනි කොටසේ ඉදන්ම ප්‍රේක්ශකයින් නාට්‍යයට ඉතාම ආදරය කරපු නිසා අපි දිගටම වැඩේ කරගෙන යනවා. 

 හැම නලුවෙකුටම නිළියකටම බලාපොරොත්තුවක් තියෙනවා හොදම නලුවා හෝ නිළිය වෙන්න, ඒ වගේම දක්ෂතම නලුවා හෝ නිළිය වෙන්න.සිරිපැරකුම් වලින් අවුරුදු 7කට පස්සේ තමයි මට සුමති ටෙලි සම්මාන උළෙලේ ජනප්‍රියතම නිළිය විදියට නිර්දේශ වෙලා තියෙන්නේ.

ඒ වෙනුවෙන් මම ප්‍රේක්ශක ඔබට ඇත්තටම ස්තූතියි.කොවිඩ් වසංගතයේ තියෙන භයානකකම මම හොදට දන්නවා.මගේ තාත්ති නැති වුණේ ගිය අවුරුද්දේ කොරෝනා වසංගතය නිසා. කොවිඩ් වසංගතය මට මගේ තාත්තිව නැති කළා.

අපේ පවුලේ එකම දරුවා විදියට තාත්තිට ලොකු බලාපොරොත්තුවක් තිබුණා මට හොදට උගන්නලා ලොකු තැනකට ගේන්න. මම දැනට කේම්බි‍්‍රජ් විශ්වවිද්‍යාලයේ ජීව විද්‍යා අංශයෙන් විද්‍යාඥවරියක් විදියට පළමු පෙල උපාධියක් අරගෙන තියෙනවා