රුවන්වැලි සෑය ළඟ ගංජා විකුණලා.

Sri Lanka Police Anuradhapura
By Wayomi Mar 01, 2024 08:36 AM GMT
Wayomi

Wayomi

Report

අනුරාධපුර පූජා භූමිය ප්‍රදේශයේ අලෙවි කිරීම සඳහා සූදානම් කර තිබූ ලක්ෂ අටකට අධික වටිනාකමක් ඇති කේරළ ගංජා තොගයක් සමඟ පුද්ගලයෙක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, රුවන්වැලි සෑය ඉදිරිපිට ඇති රථගාලේ දීයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, ආනවාසල, කල්පිටිය පුදේශයේ පදිංචි වයස අවුරුදු 32ක් වන පුද්ගලයක්.

එම අවස්ථාවේදී ඔහු සන්තකයේ අනුරාධපුර ප්‍රදේශයේ අලෙවි කිරීම සඳහා කේරළ ගංජා කිලෝ 04, ග්‍රෑම් 250 ක්තිබී හමු වී ඇත.

එම සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා අනුරාධපුර පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.

ReeCha