හදිසියේම ආරක්ෂක කවුන්සිලය රැස්වෙයි. - ජනාධිපතිවරණයෙන් පසු ආරක්ෂාව ගැන දැඩි අවධානයක.
Sri Lanka
Government Of Sri Lanka
Ministry Of Public Security
Sri Lanka Presidential Election 2024
By Wayomi
අද (19) ජාතික ආරක්ෂක කවුන්සිලය රැස් වූ අතර එහිදී ජනාධිපතිවරණයට අදාළව ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබෙනවා.
අදාළ රැස්වීම ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවත්වුණේ ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි.
ජනාධිපතිවරණයේ ඡන්ද ගණන් කරන වේලාව සහ ජයග්‍රාහකයා ප්‍රකාශයට පත් කරන ආකාරය ගැන මැකෝ ගෙන් දැනුම් දීමක්.
එහිදී ජනාධිපතිවරණයේ ආරක්ෂාව තහවුරු කිරීම, මැතිවරණ කොමිසමට සහය ලබා දීම, අපේක්ෂකයින්ගේ සහ ඡන්ද මධ්‍යස්ථානවල ආරක්ෂාව සම්බන්ධයෙන් අවධානයට ලක්ව තිබෙනවා.
ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, මැතිවරණයෙන් පසුවද නීතිය හා සාමය පවත්වාගෙන යාම පිළිබදව ජාතික ආරක්ෂක කවුන්සිලයේදී සාකච්ඡා කළ බවයි.