සමහරු බෑ කිවුවට පෞද්ගලික අංශ සේවකයන්ට හෙට නිවාඩු ලැබෙන්නේ මෙහෙමයි.
Sri Lanka Presidential Election 2024
By Wayomi
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 09 වැනි විධායක ජනාධිපති තෝරා පත්කර ගැනීමේ ඡන්ද විමසීම සඳහා පෞද්ගලික අංශයේ සේවකයන් සඳහා අවශ්‍ය නිවාඩු ලබාදීමට කටයුතු කරන ලෙස මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක පවසනවා
ඒ අනුව සැප්තැම්බර් 21, ඒ සඳහා අවශ්‍ය නිවාඩු ලබාදීමට කටයුතු කරන ලෙස දැනුම් දී ඇති අතර එහිදී සේවා ස්ථානයේ සිට ඡන්ද පොළට ඇති දුර කිලෝමීටර් 40ක් හෝ ඊට අඩුනම් වරුවක නිවාඩුවක් ලබාදිය යුතුය.
එමෙන්ම කිලෝමීටර් 40ත් 100ත් අතර දුරක පවතීනම් දිනක නිවාඩුවක් ද කිලෝමීටර් 100ත් 150ත් අතර දුරකනම් දින එකහමාරක නිවාඩුවක් ලබාදිය යුතු වනවා.
මේ අතර සේවා ස්ථානයේ සිට ඡන්ද පොළට කිලෝමීටර් 150 වැඩි දුරක් ඇත්නම් දින 02ක රාජකාරි නිවාඩුවක් ලබාදිය යුතු බව කොමසාරිස් ජෙනරාල්වරයා දැනුම් දෙනවා.