ප්‍රවේශමෙන්.- නිහඬ කාලයේ සමාජ මාධ්‍ය ගැන ඇහැගහගෙන ඉන්න විශේෂ කණ්ඩායමක්. - CID ය දැඩි සීරුවෙන්. - සමාජ මාධ්‍ය ආයතනත් එක්වෙයි.

Sri Lanka Police Election Commission of Sri Lanka Sri Lanka Social Media Social Media
By Wayomi Sep 19, 2024 04:01 AM GMT
Wayomi

Wayomi

Report

ජනාධිපතිවරණයට අදාළ නිහඬ කාල සීමාවේ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීත්වය පිළිබඳ සොයා බැලීමට මැතිවරණ කොමිෂන් සභාවෙන් විශේෂ කණ්ඩායමක් යොදා ඇති බව නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් පියුමි ආටිගල පවසනවා.

ඇය ප්‍රකාශ කළේ, 5 දෙනෙකුගෙන් සමන්විත එම කණ්ඩායම සහ නිරීක්ෂණ සංවිධාන මගින් ලබා දෙන වාර්තාවන් අනුව සමාජ මාධ්‍යයෙන් ප්‍රචාරය වන දුෂ් තොරතුරු ඉවත් කර දමන බවයි.

ඉල්ලන් කෑම සහ අනුර කුමාරගේ පරිපාලන දැනුම ගැන එළියට ආ තොරතුරු.

ඉල්ලන් කෑම සහ අනුර කුමාරගේ පරිපාලන දැනුම ගැන එළියට ආ තොරතුරු.


එමෙන්ම මැතිවරණ දින සහ මැතිවරණයෙන් පසු ප්‍රචාර කටයුතු අවසන් වුවත්, සමාජ මාධ්‍ය හරහා සිදු කරනා ප්‍රචාරණයන් සම්බන්ධයෙන් දැඩි අවධානයක් ලබා දෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා ද සඳහන් කළා.

ඒ, අනුව ඔහු කියා සිටියේ, සමාජ මාධ්‍ය හරහා මැතිවරණය හා සම්බන්ධයෙන් රටේ ජාතික ආරක්ෂාවට තර්ජනයක්වන ආකාරයෙන් ක්‍රියා කළහොත් ඒ් සඳහා අවශ්‍ය නීතිමය පියවර ගන්නා බවයි.

ඒ් සම්බන්ධයෙන් කටයුතු කිරීමට විශේෂයෙන් පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය ඒ සඳහා වෙනම සේවයක් රඳවා ඇති අතර මැතිවරණ කාලසීමාවේත් ඉන් පසුවත් බුද්ධි අංශ මගින් අවශ්‍ය සම්පූර්ණ පරීක්ෂා කිරීම් සිදු කරනු ලබනවා.

මැතිවරණ කොමිසමෙන් විශේෂ දැනුම්දීමක්. - ඡන්ද පොළට යන්න නීතියෙන් අවසර හිමි වන්නේ මේ අයට විතරයි. (PHOTOS)

මැතිවරණ කොමිසමෙන් විශේෂ දැනුම්දීමක්. - ඡන්ද පොළට යන්න නීතියෙන් අවසර හිමි වන්නේ මේ අයට විතරයි. (PHOTOS)


මේ සම්බන්ධයෙන් යම් තොරතුරක් සමාජ ජාලා හරහා යොමු කළහොත් ඒ් පිළිබඳ අවධානයෙන් පසුවන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ, රටේ සාමයට බාධාවන ආකාරයේ මෙවැනි ක්‍රියා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලීසිය විශේෂයෙන් අවධානයෙන් පසුවන බවත් , එලෙස කටයුතු කරන සමාජ මාධ්‍ය හිමිකරුවන් සම්බන්ධයෙන් සෙවීමට සමාජ මාධ්‍ය ආයතනවල සහාය ලබා ගන්නා බවයි.

මේ පිළිබඳව බුද්ධි අංශ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා පොලීසිය යන ආයතන එක්ව කටයුතු කරන බව ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.

මෙවර ශිෂ්‍යත්වයේ පිටවුණු ප්‍රශ්න තුනට ලකුණු ලැබෙන්නේ නෑ.- ප්‍රශ්න 37ට ලකුණු හැදෙන්නේ මෙහෙමයි. - විභාග කොමසාරිස්ගෙන් ප්‍රකාශයක්.

මෙවර ශිෂ්‍යත්වයේ පිටවුණු ප්‍රශ්න තුනට ලකුණු ලැබෙන්නේ නෑ.- ප්‍රශ්න 37ට ලකුණු හැදෙන්නේ මෙහෙමයි. - විභාග කොමසාරිස්ගෙන් ප්‍රකාශයක්.

මෙවර ශිෂ්‍යත්ව විභාගය ලියූ දරුවන්ගේ දෙමව්පියන් විභාග දෙපාර්තමේන්තුව වටලයි. - කැරලි මර්දනයත් කැඳවයි. (VIDEO)

මෙවර ශිෂ්‍යත්ව විභාගය ලියූ දරුවන්ගේ දෙමව්පියන් විභාග දෙපාර්තමේන්තුව වටලයි. - කැරලි මර්දනයත් කැඳවයි. (VIDEO)

ඔන්න අද මාධ්‍යම රාත්‍රියේ සිට දිවයිනටම වැටෙන තහනම ගැන දැනුම් දීමක්. - හැබැයි මේ අයට හෙට දවල් 12 වෙනතුරු කල් තියෙනවා.

ඔන්න අද මාධ්‍යම රාත්‍රියේ සිට දිවයිනටම වැටෙන තහනම ගැන දැනුම් දීමක්. - හැබැයි මේ අයට හෙට දවල් 12 වෙනතුරු කල් තියෙනවා.