ලේසි වෙන්නේ නැහැ .. තවත් හිටපු අමාත්‍යවරුන් හතර දෙනෙකු CID යට කැදවයි..
කෙහෙලිය රඹුක්වැල්ල සෞඛ්‍ය අමාත්‍ය ධූරය දරණ සමයේ ප්‍රමිතියෙන් තොර ඖෂධ මෙරටට ගෙන්වා රජයේ රෝහල්වලට බෙදා හැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාදීම සඳහා තවත් හිටපු අමාත්‍යවරුන් 04 දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත අද කැඳවා තිබෙනවා.
ඒ අනුව මෙලෙස පැමිණ ඇත්තේ, හිටපු අමාත්‍යවරුන් වන නලින් ප්‍රනාන්දු, විදුර වික්‍රමනායක, නසීර් අහමඩ් හා විජේදාස රාජපක්ෂයි.
මීට පෙර හිටපු අමාත්‍යවරුන් වන ප්‍රසන්න රණතුංග, හරීන් ප්‍රනාන්දු, රොෂාන් රණසිංහ, සහ රමේෂ් පතිරණ මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිට ප්‍රකාශ ලබා දුන්නා.
ප්‍රමිතියෙන් තොර ඖෂධ මෙරටට රැගෙනවිත් රජයේ රෝහල්වලට බෙදාහැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ, හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ඇතුලු කැබිනට් මණ්ඩලයේ 18 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමට පසුගිය දා මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම අවසර ලබා දුන්න.
ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුවයි.
You may like this video