ගෑස් මිල වැඩිවීමේ අවදානමක් - ලිට්‍රෝ සහ ලාෆ් ගෑස් සමාගම් කියයි
By Kaushi
ඉරානය ඇතුළු මැදපෙරදිග කලාපයේ ඇතිවී තිබෙන යුදමය තත්ත්වය තවදුරටත් දරුණු අතට පත් වුවහොත් මෙරටට ගෑස් මිලදී ගැනීමේ ගැටලුවක් මතුවිය හැකි බව ලිට්‍රෝ සහ ලාෆ් ගෑස් සමාගම් සඳහන් කරන බව වාර්තා වේ.
ඒ අනුව ගෑස් මිල ඉහළ යාමේ අවධානමක් ද මතුවී ඇතැයි එම සමාගම් ප්‍රකාශකයන් පවසයි.
එබැවින් ඇතිවන තත්ත්වයන්වලට අනුව විකල්ප ක්‍රමවේද හරහා මෙරටට අවශ්‍ය ගෑස් ඇණවුම් කිරීමට අවධානය යොමුකර ඇති බව ඔවුන් සඳහන් කරයි.
එමෙන්ම මේ වන විට ලාෆ් සමාගම ඇණවුම් කර ගෑස් තොග මෙරටට පැමිණ ඇතැයි ද ඒවා බෙදාහැරීම ආරම්භ කර ඇතැයි ද ලාෆ් සමාගම දැනුම් දෙයි.
කෙසේ වුවත් දිවයිනේ ඇතැම් ප්‍රදේශවල ලිට්‍රෝ හා ලාෆ් ගෑස්වල හිඟයක් පවතින බවද වාර්තා වේ.