සිරි දළදා වන්දනාවේ දෙවන දිනය අදයි

Reliance Kandy Latest Headlines Sinhala news Temple of tooth
By Mithu Apr 19, 2025 02:53 AM GMT
Mithu

Mithu

Report

 සිරි දළදා වන්දනාව දෙවන දිනටත් අද (19) දහවල් ආරම්භ කිරීමට නියමිතව තිබේ. දළදා වන්දනාව අද දහවල් 12 සිට පස්වරු 5:30 දක්වා පැවැත්වීමට නියමිතය. ඒ අනුව දළදා වහන්සේ වැඳපුදා ගැනීම සඳහා අතිවිශාල සැදැහැවතුන් පිරිසක් තවදුරටත් පෝලිම්වල රැඳීසිටින අයුරු දැකගත හැකිය.

ඉන්දු- ශ්‍රී ලංකා පාලම හදන්න ලංකාව බෑ කියයි

ඉන්දු- ශ්‍රී ලංකා පාලම හදන්න ලංකාව බෑ කියයි

සිරි දළදා වන්දනාවට පැමිණිය හැකි ප්‍රවේශ මාර්ග තුනක මෙලෙස ජනතාව පෝලිම් ගැසී රැඳීසිටී. ඩී.එස්. සේනානායක වීදිය දෙස සිට ශ්‍රී දළදා මාලිගාවේ පිවිසුම තෙක්, රතු බෝක්කුව දෙස සිට සංඝරාජ මාවත හරහා මාලිගාවේ ප්‍රධාන පිවිසුම තෙක් සහ රතු බෝක්කුව දෙස සිට මාලිගාව පෙදෙස හරහා මාලිගාවේ ප්‍රධාන පිවිසුම තෙක් වශයෙන් ප්‍රවේශ මාර්ග ඔස්සේ මාලිගාවට ඇතුළු වීමේ හැකියාව පවතී.

මේ අතර සිරි දළදා වන්දනාව සඳහා පැමිණෙන සැදැහැවතුන්ගේ ගමන් පහසුව සඳහා අද දිනයේ ද විශේෂ දුම්රිය සේවා ක්‍රියාත්මක බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පැවසීය.

පිල්ලයාන්ගේ රියදුරුට CIDයෙන් කළ දේ මෙන්න

පිල්ලයාන්ගේ රියදුරුට CIDයෙන් කළ දේ මෙන්න

ReeCha