අධිවේගී මාර්ගවල බස් මගීන්ට ආසන පටි පැළඳීම අද සිට අනිවාර්යයි
අධිවේගී මාර්ගවල ගමන් ගන්නා සියලුම බස් රථවල මගීන් සඳහා ආසන පටි පැළඳීම අද (01) සිට අනිවාර්ය කර ඇත.
මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති මංජුල කුලරත්න මහතා පවසන්නේ, මෙම තීරණයට පටහැනිව කටයුතු කරන්නන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට සැලසුම් කර ඇති බවයි.
කෙසේ නමුත්, ආසන පටි නොමැති ඇතැම් වාහනවලට ඒවා සවිකර ගැනීම සඳහා මාස තුනක සහන කාලයක් ලබාදෙන බවද මංජුල කුලරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළේය.