බේරේ වැවේ ජලතර ගුවන්තොටුපලක් විවෘත වෙයි - කටුනායක සිට කොළඹ දක්වා සීප්ලේන් සේවා

Report

ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (03) උදෑසන බේරේ වැව ජලතර ගුවන් තොටුපළ (Water Aerodrome) ආරම්භ කරමින්, කටුනායක ගුවන් තොටුපළ සිට කොළඹ නගරය දක්වා සීප්ලේන් ගුවන් සේවාවක් ආරම්භ කෙරිණි.

මෙම නව සේවාව මගින් කටුනායක ගුවන් තොටුපළට පැමිණෙන සංචාරකයින් සහ ව්‍යාපාරික ප්‍රජාවට කෙටි වේලාවකින් සුවපහසුවෙන් කොළඹ නගරයට කාර්යක්ෂමව ගමන් කිරීමේ අවස්ථාව ලැබෙනු ඇති බව අමාත්‍යවරයා පැවසීය.

රත්තරන් මිලදී ගැනීමට සොයන අයට සුභ ආරංචියක්

රත්තරන් මිලදී ගැනීමට සොයන අයට සුභ ආරංචියක්

සිවිල් ගුවන් සේවා අධිකාරිය ප්‍රකාශ කළේ, බේරේ වැව ජලතර ගුවන් තොටුපළට අමතරව නුදුරේදීම කොළඹ වරාය නගරය සඳහාද මෙවැනි ජලතර ගුවන් සේවා ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය අනුමැතිය ලබා ගැනීම සඳහා පරීක්ෂණ සිදුකරමින් පවතින බවයි. එසේම, කොළඹ නගරය සඳහා නව හෙලිකොප්ටර් නැවතුම්අංගන දෙකක් හඳුන්වා දීමේ කටයුතුද සිදුවෙමින් පවතින බව සඳහන් විය.

මෙම වන විට ජලතර ගුවන් තොටුපළ 22ක් නිසි පරීක්ෂණවලින් පසුව මෙහෙයුම් සඳහා අනුමත කර ඇති බවද එම අධිකාරිය පැවසීය.

කෙහෙල්බද්දර පද්මේගේ මව අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ගොනු කරයි

කෙහෙල්බද්දර පද්මේගේ මව අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ගොනු කරයි

දේශීය ගුවන් සේවාවන් දියුණු කිරීමට රජයක් ලෙස බලාපොරොත්තු වන බවත්, පලාලි වැනි ගුවන් තොටුපළවලටද දේශීය ගුවන් වාර ආරම්භ කිරීමට Cinnamon Air වැනි සමාගම්වලට ආරාධනා කරන බවත් මෙම අවස්ථාවේදී අමාත්‍ය බිමල් රත්නායක මහතා ප්‍රකාශ කළේය.

මෙම ආරම්භය ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය සහ දේශීය ගුවන් සේවාවන් ශක්තිමත් කිරීමේ තවත් පියවරක් ලෙස සැලකෙන අතර, කොළඹ නගරයේ ගුවන් සම්බන්ධතාවය වැඩිදියුණු කිරීමට තුඩු දෙනු ඇත.

ටික්ටොක් ගැන ඇග කිළිපොලා යන හෙළිදරව්ව

ටික්ටොක් ගැන ඇග කිළිපොලා යන හෙළිදරව්ව