ලබන මස මැද ‘ඇරඹෙන’ පාසල් 5131

covid19 education school opening vaccnation
By Sewvandhi Sep 23, 2021 12:48 AM GMT
Sewvandhi

Sewvandhi

Report

සෞඛ්‍ය උපදෙස් මත පාසල් 5131ක් ලබන මස මැද සිට ආරම්භ කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කළා. ළමුන් 200ට අඩු පාසල් මෙලෙස ආරම්භ කරන බවයි අමාත්‍යංශය සඳහන් කළේ.

මේ අතර,කොවිඩ් -19 සංචරණ සීමා පනවා ඇති කාලය තුළ පොත් අලෙවිසැල් විවෘත කර තැබීමට අවසර දෙන ලෙස පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ඉල්ලීමක් සිදුකර තිබේ.

රජය පනවා ඇති සෞඛ්‍ය උපදෙස්වලට අනුගත වෙමින් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අධීක්ෂණය යටතේ පොත් අලෙවිසැල් විවෘත කර තැබීමට අවසර ලබාදෙන ලෙස පොලිස්පතිවරයා ඉල්ලා ඇත. ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමයේ ලේකම් සමන්ත ඉන්දීවර සමරසිරි මහතා විසින් පොලිස්පතිවරයා වෙත සිදුකළ ලිඛිත ඉල්ලීමකට අනුව පොලිස්පතිවරයා විසින් අදාළ නිර්දේශය ඉදිරිපත් කර තිබේ.

වසර එක හමාරක පමණ කාලයක සිට අවස්ථා කිහිපයකදී පොත් අලෙවිසැල් වසා තැබීමට සිදුවීම හේතුවෙන් පොත් ප්‍රකාශන කර්මාන්තයට ඛේදනීය තත්ත්වයකට මුහුණ දීමට සිදුව ඇති බව ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය පෙන්වාදෙයි.

පොත්හල් අඛණ්ඩව වසා තැබීමෙන් පාසල් දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට අහිතකර බලපෑම් එල්ල වී ඇති අතර අවශ්‍ය පොත්පත් නොමැතිව මාර්ගගත අධ්‍යාපනයේ නියැලීමට ද දරුවන්ට නොහැකි වී ඇති බවද ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය සඳහන් කර තිබේ.

අදාළ කරුණු සැළකිල්ලට ගනිමින් කොවිඩ් -19 සංචරණ සීමා පැනවෙන කාලය තුළ පොත්හල් විවෘත කර තැබීම සුදුසු බවට නිර්දේශ කරන ලෙස පොලිස්පතිවරයා විසින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ඉල්ලීමක් සිදුකර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


ReeCha