පාසල් නැවත ආරම්භ කිරීම සම්බන්ධයෙන් නවතම තීරණයක්
සිසුන් 200ට අඩු දකුණු පළාතේ පාසල් එළඹෙන ඔක්තෝම්බර් මස 15 වන දා සිට යළි ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් රංජිත් යාපා පවසනවා.
ඒ සඳහා දැනටමත් ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ.
දකුණු පළාත තුල ළමුන් 200ට අඩුවෙන් සිටින පාසල් 514ක් තිබෙන අතර මේ දිනවල මෙම පාසල්වල කොවිඩි මර්ධන කමිටු සක්‍රිය කිරිමට කටයුතු කරමින් සිටින බවද හෙතෙම පවසයි.
එම කටයුතු ලබන මස 06 වැනි දින දක්වා සිදුකරණ අතර 06 වැනිදින සිට 15 වැනිදින දක්වා කාලය තුළ පාසල් පිරිසිදු කිරිමේ කටයුතු සිදුකරණ බවද දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා පවසයි.
පාසල් පිරිසිදු කිරිම සදහා අදාල බල ප්‍රදේශවල පළාත් පාලන ආයතන එකගව ඇති බවත් සනිපාරක්ෂක ද්‍රව්‍ය පළාත් අමාත්‍යංශය මගින් ලබාදෙන බවද ඒ මහතා පවසයි. දකුණු පළාත් ආණ්ඩුකාරවර ආචාර්ය විලි ගමගේ මහතාගේ උපදෙස් මත 200ට අඩු පාසල් විවෘත කිරිම සදහා සැලසුම්කොට ඇති බවද ඒ මහතා පවසයි.
මේ පිළිබද අදහස් දක්වමින් පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා මෙසේද කිවේය. පාසල්වල තියෙන කොවිඩ් කමිටු සදහා ඇතැම් පාසල්වල විදුහල්පතිවරු සහභාගිවෙන්නේ නැහැ.
නමුත් අපි සැලසුම්කළ පරිදි කටයුතු කරගෙන යනවා.
පාසල් සදහා පැමිණෙන විදුහල්පතිවරු, ගුරුවරු හා ළමුන් සංඛ්‍යාවෙන් 15 වැනිදින මෙම පාසල් ආරම්භකිරිමට කටයුතු කරණ බවද පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා පැවසිය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
