පළාතක පාසල් සම්බන්ධයෙන් එකවරම ගත් විශේෂ තීරණයක් මෙන්න.

By krishani Nov 22, 2023 12:59 PM GMT
Report

මේ වන විට දිවයිනේ ප්‍රදේශ රැසකට  අයහපත් කාලගුණ තත්ත්වයක් ඇති වී තිබෙනවා.

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පාසල්වල ආපදා අවම කර ගැනීම සඳහා කඩිනම් තීරණ ගැනීමේ බලය මධ්‍යම පළාත් අණ්ඩුකාර ලලිත් යූ ගමගේ විසින් කලාප අධ්‍යක්ෂවරුන්ට පවරා දී ඇත.

එහි අරමුණ වන්නේ පවතින ක්‍රමය යටතේ ධුරාවලියට අනුව කටයුතු කිරීමේ දී සිදු වන ප්‍රමාදයන් වලක්වා ගැනීමයි. 

ඒ බව පළාත් ආණ්ඩුකාර කාර්යාලය සඳහන් කළේ ය.

මේ අතර, මහවැලි අධිකාරිය සඳහන් කළේ පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු 05 ක් විවෘත කර ඇති බවයි.

ඒ අනුව වික්ටෝරියා ජලාශයට ජලය තත්පරයට ඝන මීටර් 12,000 ක් මුදා හැරෙනු ඇත.

ඒ බව පොල්ගොල්ල ජලාශයේ කාර්යභාර ඉංජිනේරු ක්‍රිෂාන්ත ඩයස් පැවසීය.

කෙසේ වෙතත්, තවදුරටත් අධික වර්ෂාව ඇද හැලු‍නහොත් තවත් හදිසි වාන් දොරටු විවෘත කිරීමට සිදු වේ.

ඒ බැවින් මහවැලි ගඟ දෙපස වාසය කරන්නන් හා ගංගාව පරිහරණය කරන්නන් විමසිලිමත්ව කටයුතු කළ යුතු වේ.