ආසන්නයේම ඕනෑම පාසලකින් දරුවන්ට ඉගෙන ගන්න අවස්ථාවක් - ඒ සම්බන්ධයෙන් තීරණය..
Sri Lanka
Weather
Sri Lankan Schools
By krishani
මේ දිනවල බණ්ඩාරවෙල ප්‍රදේශයට අයහපත් කාලගුණ තත්ත්වයක් ඇති වී තිබෙනවා.
ඒ හේතුවෙන් බණ්ඩාරවෙල අධ්‍යාපන කලාපයේ යම්කිසි පාසල් සිසුවෙකු අවතැන් වීම හේතුවෙන් ඥාති නිවෙසක හෝ වෙනත් ස්ථානයක රැඳී සිටී නම් ඔවුන්ට එම ආසන්නයේ පිහිටි ඕනෑම පාසලකින් අධ්‍යාපන ලැබීමේ අවස්ථාව ලබාදීමට තීරණය කර තිබෙනවා.
ඒ බව බණ්ඩාරවෙල කලාප අධ්‍යපන අධ්‍යක්ෂ H.M.M ධම්මික හේරත් මහතා සඳහන් කළේ ය.
එමෙන්ම බහුතර සිසුන් ආපදා තත්ත්වයන් හේතුවෙන් පාසල් වෙත නොපැමිණීම හේතුවෙන් හල්දුම්මුල්ල කොස්ලන්ද මකල්දෙනිය දමිල ප්‍රාථමික විද්‍යාලය හා මීරියබැද්ද දමිල ප්‍රාථමික විද්‍යාලය වසා දමා තිබෙනවා.
කෙසේ වෙතත්, එම අදාළ පාසල්වල ගුරුවරුන් වෙත දැනුම් දී ඇත්තේ කොස්ලන්ද ගනේෂා දමිල විද්‍යාලය වෙත පැමිණ සේවයට වාර්තා කරන ලෙසයි.
