විභාගත් කල් ගිහින්.. අද වැසෙන පාසල් මෙන්න.. හෙටත් පාසල් නිවාඩු ද?.
මේ වන විට දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පළාත් දෙකක පාසල් වසා තැබීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව අද (20) උතුරුමැද පළාතේ සියලු පාසල් වසා තැබෙයි.
ඒ බව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ එස්.එම්.ඩබ්ලිව් සමරකෝන් මහතා සදහන් කළේ ය.
මෙම තීරණය ආණ්ඩුකාරවරයාගේ උපදෙස් පරිදි ගෙන තිබෙනවා.
එමෙන්ම, 3,4 සහ 5 ශ්‍රේණි සඳහා 2024 අවසාන වාර විභාගයේ අද සහ හෙට (21) යන දිනවලට නියමිතව ඇති විභාග තාවකාලිකව කල් දමා ඇත.
මේ අතර, පවතින අයහපත් කාලගුණ තත්ත්වය මත නැගෙනහිර පළාතේ සියලු පාසල් සඳහා ද අද (20) දින නිවාඩු ලබා දී ඇත.
ඒ බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර මහතා සදහන් කර තිබෙනවා.
එමෙන්ම,අද දිනයේ පැවැත්වීමට නියමිතව තිබු විභාග විෂයන් 25 වනදා දිනයේ පැවැත්වීමට කටයුතු කර ඇත.
You May Like This Video👇