පාසල් ළමුන් ගැන වගකීමක් නැද්ද ?
බීමත්ව සිටිය දී පාසල් ළමුන් ප්‍රවාහනය කරනු ලබන සිසුසැරිය බස් රථයක් ධාවනය කළ බස්රථ රියදුරෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කටුපොත පොලීසියේ රථවාහන අංශයේ නිලධාරීන් විසින් ඊයේ (19) දහවල් කාලයේ කටුපොත නගරයේ සිසුසැරිය බස්රථයක් පරීක්ෂාවට ලක් කළ අවස්ථාවේ දී මෙලෙස එම රියදුරා අත්අඩංගුවට ගෙන ඇත.
එහිදී අදාළ රියදුරා බීමතින් සිටින බවට අනාවරණය වී ඇති අතර, පසුව ඔහුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම රියදුරා රදලියගොඩ, කටුපොත ප්‍රදේශයේ පදිංචි අවුරුදු 52ක් වූ පුද්ගලයෙකි.
අදාළ බස් රියදුරා අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී බස්රථය තුළ පාසල් ළමුන් 16 දෙනෙකු සහ මව්වරුන් දෙදෙනෙකු ගමන් කරමින් සිට ඇත.
අදාළ බස් රථයද පොලිස් භාරයට ගෙන ඇති අතර, සැකකරු අද (20) නාරම්මල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාර්තා වී ඇත්තේ .