පාසල් සිසුන්ට සුබ ආරංචියක්. - නිල ඇඳුම් සඳහා රෙදි මීටර මිලියන 11.82ක්.

Vijitha Herath China Sri Lankan Schools School Children
By Wayomi Nov 06, 2024 05:46 AM GMT
Wayomi

Wayomi

Report

2025 වර්ෂය සඳහා අවශ්‍ය පාසල් නිල ඇඳුම් රෙදි මුළු අවශ්‍යතාව රෙදි මීටර මිලියන 11.82ක් පමණ වෙනවා.

එම සම්පූර්ණ ප්‍රමාණයම ප්‍රදානයක් ලෙස ලබා දීමට මහජන චීන සමූහාණ්ඩුව විසින් එකඟතාව පළ කර ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් සඳහන් කළා.

මෙම රෙදි තොගයට අදාළව අධ්‍යාපන අමාත්‍යාංශය වෙත එවන ලද නියැදිය ශ්‍රී ලංකා පේෂකර්ම හා ඇඟලුම් ආයතනය මඟින් පරීක්ෂා කිරීමෙන් අනතුරුව, එම රෙදි පාසල් සිසුන්ගේ භාවිතය සඳහා සුදුසු බවට නිර්දේශ කර ඇත.

තෙල් බදු අඩු කරන්න කිසි බාධාවක් නෑ.. - ගිවිසුම් කතා බොරු.. - හිටපු ඇමති කංචනගේ අනාවරණය මෙන්න.

තෙල් බදු අඩු කරන්න කිසි බාධාවක් නෑ.. - ගිවිසුම් කතා බොරු.. - හිටපු ඇමති කංචනගේ අනාවරණය මෙන්න.

ඒ අනුව, 2025 වර්ෂය සඳහා සියලුම පාසල් හා පිරිවෙන් සිසුනට නිල ඇඳුම් රෙදි සපයා දීම සඳහා වන චීන රජයේ ප්‍රදානය භාර ගැනීම පිණිස අධ්‍යාපන, විද්‍යා සහ තාක්ෂණ අමාත්‍ය වශයෙන් ගරු අග්‍රාමාත්‍යවරිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.

දේවගැති ජෙරම්ට ගුටි පූජාවක්. - පණ බේරා ගත් හැටි. - (වීඩියෝ දර්ශන සහිතයි)

දේවගැති ජෙරම්ට ගුටි පූජාවක්. - පණ බේරා ගත් හැටි. - (වීඩියෝ දර්ශන සහිතයි)

පෙට්‍රල් 92 නැව් තොග 5ක් මිලදී ගැනීම ගැන විශේෂ කැබිනට් තීන්දුවක්.

පෙට්‍රල් 92 නැව් තොග 5ක් මිලදී ගැනීම ගැන විශේෂ කැබිනට් තීන්දුවක්.

ReeCha