පාසල් සිසුවියන් 02ක් සහ සිසුවෙක් අශෝභන ලෙස හැසිරිලා..හොටෙල් එක ලගදි මාට්ටු වෙයි..

Sri Lanka Police Ministry of Education Sri Lanka Education
By Aruna May 20, 2023 11:52 PM GMT
Aruna

Aruna

Report

මත්පැන් පානය කර අශෝභන ලෙස හැසිරෙමින් සිටින බවට ලැබුණු පැමිණිල්ලකට අනුව පාසල් සිසුවියන් දෙදෙනෙකු, පාසල් සිසුවෙකු ඇතුළු 06 දෙනකු අද(20) අත්අඩංගුවට ගත් බව පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පවසනවා.

පොලිසිය සඳහන් කරන්නේ, මෙලෙස අත්අඩංගුවට ගත් අය අතර තරුණියක සහ තරුණයන් දෙදෙනකු ද සිටින බවයි.

පානදුරේ සංචාරක හෝටලයක් අසළ පිරිසක් මත්පැන් පානය කර අශෝභන ලෙස හැසිරෙන බවට ලැබුණු දුරකථන ඇමතුමක් අනුව පොලිසිය එහි යන විට ඔවුන් මෝටර් රථයකින් පිටව යාමට උත්සාහ ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.

එහිදී රථය පැදවීමට සූදානම් වූ තරුණයා බීමත්ව සිටි බැවින් ඔවුන් සියලු දෙනාම පොලිසියට රැගෙන ආ බවත්, පසුව බාලවයස්කාර පාසල් සිසුවියන් දෙදෙනා සහ පාසල් සිසුවා තම අනන්‍යතාව තහවුරු කිරීමට අකමැති වූ බැවින් ඔවුන් පිළිබඳව තවදුරටත් විමර්ශන සිදුකරන බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

පසුගිය කාලසීමාව තුළදී පාසල් සිසුන් සිසුවියන් සම්බන්ධයෙන් දිවයිනේ විවිධ ප්‍රදේශ වලින් පලවන වාර්තා එතරම් යහපත් නොවේ.

එම නිසා සෑම දෙමාපියෙක්ම ඔබේ දරුවා ගැන දැඩි විමසිල්ලෙන් සිටින්න.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now


ReeCha