පාසල් විවෘත කිරීම ගැන වෛද්‍ය හේමන්ත හේරත් ගෙන් දැනුම් දීමක්...

Covid Education Hemantha herath School opening
By Aruna Sep 08, 2021 05:30 AM GMT
Aruna

Aruna

Report

පවතින කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ පාසැල් විවෘත කළ හැකිද?

මේ සම්බන්ධයෙන් සහ තවත් කරුණු කිහිපයක් පිලිබඳව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා මෙසේ පැවසීය .

1. ෆයිසර් එන්නත හම්බන්තොට ට ලබා දුන්නේ වරායක සේවකයන් නිසා බව පවසනවා ?

හම්බන්තොට වරායක් තිබෙන බවට සත්‍යයක් . එසේ නම් කොළඹ ත්‍රිකුණාමලයෙන් වරායන් තිබෙනවා .

එහිදී සැලකිල්ලට ගන්නේ ඉලක්කගත ජනතාවගේ ප්‍රමාණය

2.බස්නාහිර පළාත අධි අවදානම් කලාපයක් නම් ෆයිසර් එන්නත හම්බන්තොට දීම විද්‍යානුකූල නැහැ නේද ?

සියලුම එන්නත් එක හා සමානව ආරක්ෂාකාරී බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසා තිබෙනවා.

ඉතා අඩු වශයෙන් ලැබෙන ෆයිසර් එන්නත වැඩි ජනගහණයක් සිටින ප්‍රදේශයකට ලබා දුන්නොත් ගැටලුකාරී තත්වයන් ඇතිවෙන්න පුළුවන් දෙවන මාත්‍රාව සඳහා.

එම නිසා තමයි ඉලක්කගත ජනතාවකට ලබාදීම සඳහා පළමුව මන්නාරම් දිස්ත්‍රික්කයටත් දෙවනුව හම්බන්තොට දිස්ත්‍රික්කයටත් ලබා දුන්නේ .

3.රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපතිවරයා කියා තිබෙනවා වරාය සේවකයන් නිසා මෙම එන්නත හම්බන්තොට ලබා දුන්නා කියලා ?

සියලු කාරණා සැලකිල්ලට අරගෙන එතුමා ඒ බව පවසන්නට ඇති නමුත් අවසන් තීරණය එය නොවේ ඉන් එහාට ගියේ කරුණු තිබෙනවා.

4. ආනන්ද විජේවික්‍රම මහතා ඉවත්වීම ට හේතුවක් මේ දක්වා කර තිබෙනවා ද ?

මේ පිළිබඳව අපි සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා සමග සාකච්චා කළා.

ඔහු ඉවත් වීමට හේතුවක් මේ දක්වා ප්‍රකාශ කර නැහැ ඔහුගේ ඉල්ලා අස්වීමත් භාරගත් බවටත් කියා නැහැ ඒ සම්බන්ධයෙන් තීරණය කරනු ලබන්නේ එම කමිටුව හරහායි.

5. පාසල් ආරම්භ කිරීමට හැකියාවක් තිබෙනවාද යම්කිසි රෝගී දරුවෙක් හරහා පාසල් වෑන් රථයේ හෝ බස් රථයේ රෝගය පැතිරීමට හා පාසල තුළ රෝගය පැතිරීමට ඉඩ කඩ තිබෙනවා එවිට ළමුන් සියයක් පමණ නිවෙස් වලට මෙම රෝගය රැගෙන ගියහොත් භයානක තත්ත්වයක් ඇතිවෙනවා.

එම නිසා ඒ සියල්ල සැලකිල්ලට ගෙන අධ්‍යාපන අමාත්‍යාංශය විසින් යම් සැලැස්මක් ආරම්භ කළාම තමයි යළි පාසල් ආරම්භ කිරීමට හැකියාව ලැබෙන්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha