පාසල් ආරම්භ කරන දිනය මෙන්න.

Sri Lanka Education Principal Southern provincial School opening day
By Aruna Sep 29, 2021 08:21 AM GMT
Aruna

Aruna

Report

පාසල් පිරිසිදු කිරීම් කටයුතු ලබන මස 6වැනිදා සිට දකුණු පළාතේ ළමුන් 200ට අඩු පාසල් ඔක්තෝබර් මස 15 වැනිදින සිට ආරම්භ කිරිමට සැලසුම්කොට ඇති බව දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් රංජිත්යාපා මහතා පවසයි.

දකුණු පළාත තුල ළමුන් 200ට අඩුවෙන් සිටින පාසල් 514ක් තිබෙන අතර මේ දිනවල මෙම පාසල්වල කොවිඩි මර්ධන කමිටු සක්‍රිය කිරිමට කටයුතු කරමින් සිටින බවද හෙතෙම පවසයි.

එම කටයුතු ලබන මස 06 වැනි දින දක්වා සිදුකරණ අතර 06 වැනිදින සිට 15 වැනිදින දක්වා කාලය තුළ පාසල් පිරිසිදු කිරිමේ කටයුතු සිදුකරණ බවද දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා පවසයි.

පාසල් පිරිසිදු කිරිම සදහා අදාල බල ප්‍රදේශවල පළාත් පාලන ආයතන එකගව ඇති බවත් සනිපාරක්ෂක ද්‍රව්‍ය පළාත් අමාත්‍යංශය මගින් ලබාදෙන බවද ඒ මහතා පවසයි.

දකුණු පළාත් ආණ්ඩුකාරවර ආචාර්ය විලි ගමගේ මහතාගේ උපදෙස් මත 200ට අඩු පාසල් විවෘත කිරිම සදහා සැලසුම්කොට ඇති බවද ඒ මහතා පවසයි.

මේ පිළිබද අදහස් දක්වමින් පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා මෙසේද කිවේය.

පාසල්වල තියෙන කොවිඩ් කමිටු සදහා ඇතැම් පාසල්වල විදුහල්පතිවරු සහභාගිවෙන්නේ නැහැ.

නමුත් අපි සැලසුම්කළ පරිදි කටයුතු කරගෙන යනවා.

පාසල් සදහා පැමිණෙන විදුහල්පතිවරු, ගුරුවරු හා ළමුන් සංඛ්‍යාවෙන් 15 වැනිදින මෙම පාසල් ආරම්භකිරිමට කටයුතු කරණ බවද පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා පැවසිය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha