දිවයින පුරා සියලු පාසල් ආරම්භ වන්නෙ මෙහෙමයි...නිලවශයෙන් දැනුම් දෙයි..

Sri Lanka Education Education ministry School opening Kalila perera
By Aruna Sep 24, 2021 07:30 AM GMT
Aruna

Aruna

Report

අදියර 04 ක් යටතේ පාසැල් ආරම්භ කිරීමට සූදානම් බව අධ්‍යාපන අමාත්‍යංශය අද නිල වශයෙන් දැනුම්දුන්නා.

අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා සඳහන් කළේ පාසැල් ආරම්භ කිරීමේ මූලික කටයුතු අද ආරම්භ කරමින් පාසැල් නිරීක්ෂණ කටයුතු සිදුකරන බවයි.

ආරම්භ කරන ශ්‍රේණි සහ ඊට අදාළ දින වකවානු ඉදිරියේදී ප්‍රකාශයට පත්කරන බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.

අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා සඳහන් කළේ සති දෙකකට පසු පාසැල් ආරම්භ කිරීමට ඇති හැකියාව සම්බන්ධයෙන් සුබවාදී බලාපොරොත්තුවකින් සිටින බවයි.

සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ඊයේ රාත්‍රියේ නිකුත් කෙරුණා.

විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත පැවසුවේ කිසියම් අපේක්ෂකයෙකුට සිය විභාග අංකය අමතක වී ඇත්නම් ජාතික හැඳුනුම්පත් අංකය භාවිත කරමින් ප්‍රතිඵල ලේඛණ භාගත කිරීමට හැකි බවයි.

සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල සම්බන්ධයෙන් විමසීම් කිරීම සඳහා විභාග දෙපාර්තමේන්තුව දුරකථන අංක කිහිපයක් හඳුන්වාදී තිබෙනවා.

ඒ අනුව, 011 2 784 208, 011 2 784 537, 011 3 140 314 යන දුරකථක අංක හෝ 1911 යන ක්ෂණික ඇමතුම් අංකය ඇමතීමෙන් තොරතුරු ලබාගත හැකියි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha