පාසැල් පටන් ගැනීම පිළිබඳ රතු එළියක්..
පාසල් විවෘත කළ ද තම වැටුප් ගැටලුව විසඳන තුරු ඉගැන්වීම් කටයුතු සඳහා ගුරුවරු සහභාගී වන්නේ නැතැයි ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය කියා සිටියි.
දැනටමත් මාර්ගගත ඉගැන්වීම්වලින් තම සංගම් නියෝජිතයන් ඉවත් වී සිටින බවද එම සන්ධානය සඳහන් කළහ.
පාසල් ඇරඹීමට හෝ විභාග පැවැත්වීමට පෙර රජය තම ගැටලුව විසඳීමට කටයුතු කළ යුතු බවත් එම සන්ධානයේ නායකයන් කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී කියා සිටියහ.
මෙම ප්‍රශ්නය සාකච්ඡා කර විසඳුමක් ලබා නොදුනහොත් දැවැන්ත තීන්දුවක් ගන්නා බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා එහිදී සඳහන් කළේය.
මේ අතර පාසල් නැවත විවෘත කිරීම සහ පවත්වාගෙන යාමට සියලු දරුවන් එන්නත්කරණය අත්‍යවශ්‍ය සාධකයක් නොවන බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය මහාචාර්ය පූජිත වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.
ජනාධිපති මාධ්‍ය මධ්‍යස්ථානයේදී පැවති සාකච්ඡාවක් අමතමින් ඔහු මේ බව පැවසීය.
බ්‍රිතාන්‍ය ළමා රෝග පිළිබඳ රාජකීය සංගමය වාර්තාවක් උපුටමින් ඔහු කියා සිටියේ එන්නත්කරනය යනු රිදී උණ්ඩයක් නොවන බවත් ඒ හරහා සම්පූර්ණයෙන්ම දරුවන්ගේ රෝගී තත්ත්වයන් සමනය නොවන බවත්ය.
ලෝක සෞඛ්‍ය සංවිධානය ද වයස අවුරුදු දොළහට අඩු දරුවන් එන්නත්කරනය අනුමත කොට නැතැයි ද ඔහු එහිදී කියා සිටියේය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
