පාසල් ආරම්භ කිරීමට සියල්ල සූදානමි!!!ඉස්සෙල්ලම පටන්ගන්නෙ මෙහෙමයිලු.
සෞඛ්‍ය බලධාරීන් ලබාදී ඇති මාර්ගෝපදේශවලට අනුව පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන් ඉදිරි දින කිහිපය තුළදී පාර්ශව කිහිපයක් සමඟ සාකච්ඡා කර තීරණයක් ගන්නා බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.
අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා කියා සිටියේ, පාසැල්වල අධ්‍යන කටයුතු නැවත ආරම්භ කිරීමට පෙර එම පරිශ්‍රයන් පිරිසිදු කිරීමේ වැඩසටහනක් ද ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවයි.
මේ අතර සිසු සිසුවියන් 200ට අඩු පාසල්වල ප්‍රාථමික අංශවල ඉගැන්වීම් කටයුතු ආරම්භ කිරීමට අදාළ ව සෞඛ්‍ය මාර්ගෝපදේශ අධ්‍යාපන අමාත්‍යංශය වෙත ලබාදුන් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.
වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසුවේ අදාළ මාර්ගෝපදේශ අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතාට ලබාදුන් බවය.
සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව සිසුන් 200 ට අඩු පාසැල් කඩිනමින් විවෘත කිරීමට ගුරුවරුන්ගේද සහාය හිමිවනු ඇතැයි අපේක්ෂා කරන බවයි අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ.
සෞඛ්‍ය උපදෙස් මත පාසල් 5131ක් ලබන මස මැද සිට ආරම්භ කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍යංශ ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේ. පාසල් දරුවන් එන්නත් කිරීමේ වැඩසටහනද කඩිනමින් ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා.
ඒ අනුව පළමුව උසස් පෙළ සිසුන් එන්නත්කරනු ඇති.
මේ අතර පාසලක් වැසීම යනු සංස්කෘතියක නිමාවක් විමට හේතුවන බවත්, වසංගතයක් හමුවේ දීර්ඝ කාලයක් පාසල් විවෘත නොකිරීම නිසා එය එසේ සිදු වීමට ඉඩ නොතැබිය යුතු බව ද, දරුවන් නැවත පාසල්වලට කැඳවීම උදෙසා වූ රජයේ න්‍යාය පත්‍රය අනුව ප්‍රමුඛත්වය දී කටයුතු කරන බව ද කැබිනට් මාධ්‍ය ප්‍රකාශක,ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා (22) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී පැවසීය.
ඒ අනුව, දැනටමත් ආණ්ඩුව ප්‍රතිපත්තිමය තිරණයක් ගෙන තිබෙන බවත්, මෙම සතියේ දී මෙරට අබාධ සහිත දූදරුවන්ට එන්නත් ලබා දීමට කටයුතු කරන බවත්, වයස අවුරුදු 15-19 ත් අතර වයස් ඛාණ්ඩයේ සිටින උසස් පෙළ, සාමාන්‍ය පෙළ දරුවන් ඉලක්ක කරගත් ෆයිසර් එන්නත ලබා දීමේ වැඩසටහනක් කඩිනමින් ක්‍රියාත්මක වෙමින් තිබෙන බවත්, සඳහන් කළ ඩලස් අලහප්පෙරුම මහතා, මෙරට දූ දරුවන් නැවත පාසල් වලට යන දිනය ඉතාමත් කඩිනමින් ළඟා වෙනු ඇතැයි යන්න පිළිබඳව රජය ධනාත්මක සිතුවිල්ලක සිටින බව ද කියා සිටියේය.
මේ වන විට සෞඛ්‍ය අංශ වල පෙන්වා ඇති දත්ත වලට අනුව, කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාත්මක පහළ බැසීමක් දක්නට ලැබෙන අතරම මරණ සංඛ්‍යාව ද පහත බැසීමක් දක්නට ලැබීම ක්‍රමක්‍රමයෙන් දක්නට ලැබෙන හෙයින් මෙරටින් වසංගත තත්ත්වය දුරුවෙමින් පවතින බව නොරහසක් බවත්, දැනට වසර එකහමාරකට වැඩි කලක් මෙරට අධ්‍යාපනය ලබන දරුවන් නිවෙස් වලට වී සිටීම සිදු වීම නිසා කොවිඩ් හේතුවෙන් බරපතලම හානිය වී ඇත්තේ මෙරට දරුවන්ට බවත්, රජයක් ලෙස මෙම තත්ත්වය තේරුම් ගෙන ඉහත වයස් ඛාණ්ඩ වල දරුවන්ට එන්නත් කඩිනමින් සිදු කරමින් සිටින බව ද හෙතෙම කියා සිටියේය.
එමෙන්ම, මෙරට දරුවන්ගේ අධ්‍යාපනය කිසිලෙසක ඛණ්ඩනය නොවී පවත්වාගෙන යාමට දරුවන් වෙනුවෙන් රජය විසින් තවදුරටත් කැප වී කටයුතු කරන බවත්, දරුවන්ගේ අධ්‍යාපනය පිළිබඳව වඩාත් සංවේදීව කටයුතු කරන ලෙස සියලු වෘත්තීය සමිති වලට ඉතාම ගෞරවයෙන්, කාරුණිකව ඉල්ලා සිටින බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
මේ අතර,කොවිඩ් -19 සංචරණ සීමා පනවා ඇති කාලය තුළ පොත් අලෙවිසැල් විවෘත කර තැබීමට අවසර දෙන ලෙස පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ඉල්ලීමක් සිදුකර තිබේ.
රජය පනවා ඇති සෞඛ්‍ය උපදෙස්වලට අනුගත වෙමින් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අධීක්ෂණය යටතේ පොත් අලෙවිසැල් විවෘත කර තැබීමට අවසර ලබාදෙන ලෙස පොලිස්පතිවරයා ඉල්ලා ඇත.
ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමයේ ලේකම් සමන්ත ඉන්දීවර සමරසිරි මහතා විසින් පොලිස්පතිවරයා වෙත සිදුකළ ලිඛිත ඉල්ලීමකට අනුව පොලිස්පතිවරයා විසින් අදාළ නිර්දේශය ඉදිරිපත් කර තිබේ.
වසර එක හමාරක පමණ කාලයක සිට අවස්ථා කිහිපයකදී පොත් අලෙවිසැල් වසා තැබීමට සිදුවීම හේතුවෙන් පොත් ප්‍රකාශන කර්මාන්තයට ඛේදනීය තත්ත්වයකට මුහුණ දීමට සිදුව ඇති බව ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය පෙන්වාදෙයි.
පොත්හල් අඛණ්ඩව වසා තැබීමෙන් පාසල් දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට අහිතකර බලපෑම් එල්ල වී ඇති අතර අවශ්‍ය පොත්පත් නොමැතිව මාර්ගගත අධ්‍යාපනයේ නියැලීමට ද දරුවන්ට නොහැකි වී ඇති බවද ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය සඳහන් කර තිබේ.
අදාළ කරුණු සැළකිල්ලට ගනිමින් කොවිඩ් -19 සංචරණ සීමා පැනවෙන කාලය තුළ පොත්හල් විවෘත කර තැබීම සුදුසු බවට නිර්දේශ කරන ලෙස පොලිස්පතිවරයා විසින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ඉල්ලීමක් සිදුකර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
