ළමයි ඉස්කෝලේ යන්න ලෑස්ති වෙන්න..අධ්‍යාපන ඇමතිගෙන් දැනුම් දීමක්.

Sri Lanka Education Keheliya rabukwella School opening
By Aruna Sep 13, 2021 08:52 AM GMT
Aruna

Aruna

Report

100ට අඩු නම් ඉන්ජෙක්ෂන් එක ගහලා පන්තියට යවයි ශිෂ්‍ය සංඛ්‍යාව 100ට අඩු ග්‍රාමීය පාසල් මුලින් ආරම්භ කිරීමට රජයේ අවධානය යොමු වී ඇත.

කොවිඩ් තාක්ෂණික කමිටු නිර්දේශ අනුව වයස අවුරුදු 12-18 අතර ළමුන් කඩිනමින් එන්නත්කරණයට අවධානය යොමු කර ඇති බවද සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල පවසයි.

එන්නත්කරණයෙන් අනතුරුව පාසල් ඇරඹීම සිදුවනු ඇත.

මේ අතර පාසලෙන් නීතිවිද්‍යාලයට යන මගක් නීතිය පාසල් විෂය නිර්දේශයට ඇතුළත් කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යංශ උපදේශක කාරක සභාවේදී සාකච්ඡා වී ඇත.

නීතිය වෙනම විෂයක් ලෙස නොව පුරවැසි අධ්‍යාපනය විෂයෙහි කොටසක් ලෙස ඇතුළත් කළ යතු බව එහිදී යෝජනා වී තීබේ.

මේ සඳහා වන තාක්ෂණික කමිටුවේ වාර්තාව සති 2ක් ඇතුළත ඊට අදාළ අනුකාරක සභාව වෙත ලබා දීමට නියමිතයි.

මෙම උපදේශක කරක සභාව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් රැස් වී ඇත.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha