පාසල් ඇරඹෙන්නේ කවදාද? තීරණය මෙන්න
srilanka
Education
covid 19
Helth
Corona virua
By Sithumi
ඔක්තෝබර් මාසය අවසන්වීමට ප්‍රථම පාසල් විවෘත කිරීම පිළිබඳව විශ්වාසයක් තැබිය හැකි බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසයි.
රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් අධ්‍යාපන ලේකම්වරයා මේ බව සඳහන් කළේය. "ඔක්තෝබර් කියන එක සුබවාදීව හිතනවා.
එහෙම වුණොත් දෙසැම්බර් මාසේ නිවාඩු දීමට අවශ්‍ය වෙන්නේ නෑ." දැනට පවතින ගුරු ගැටලුව සම්බන්ධයෙන් ද අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා අදහස් පළ කළේය.
එහිදී අධ්‍යාපන ලේකම්වරයා ගුරුවරුන්ගෙන් ආයාචනයක් කරමින් සඳහන් කළේ, "ලෝක ළමා දිනය ඔක්තෝබර් පළමු වෙනිදා. මැද තැනකට ඇවිල්ලා එන්න වැඩට. ඔබ නැතුව කවදාවත් අපිට මේක කරන්න බෑ.
ඊට පස්සේ ගුරු දිනය 6 වනදා. ඒක කරේ නැත්නම්, ගුරු මෑණිවරුනි ගුරු පියවරුනි විදුහල්පතිවරුනි ලේකම්වරයා විදිහට මට වෙනවා කෙසේ හෝ පාසල් ටික පවත්වාගෙන යන්න."
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
