පාසල් විවෘත කිරීම ගැන ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක්..බලාපොරොත්තුවෙන් සිටින්න.

Covid Education School opening Dinesh gumawardhane
By Aruna Sep 24, 2021 06:36 AM GMT
Aruna

Aruna

Report

සෞඛ්‍ය මාර්ගොපදේශ ගරු කර අලුත් වැඩපිළිවෙලකුත් හදලා පාසල් යළි විවෘත කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන විසින් අද (24) දිනයේ විශේෂ ප්‍රකාශයක් කරනු ඇත.

පාසල් නැවත විවෘත කිරීමට අදාළ මාර්ගෝපදේශ සෞඛ්‍ය අමාත්‍යංශය විසින් අධ්‍යාපන අමාත්‍යංශය ට භාර දී ඇත.

එකී මාර්ගෝපදේශ ගරු කරමින් පාසල් යළි විවෘත කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය සකස් කරන ලද වැඩපිළිවෙල පිළිබඳව අද දිනයේ ජනතාව දැනුවත් කිරීමට ද නියමිතයි.

මේ අතර පාසල් දරුවන් සඳහා එන්නත්කරණය සිදු කිරිම අද ආරම්භ වනවා.

ඒ අනුව පළමුව එන්නත්කරණය සිදු කරනු ලබන්නේ අවුරුදු 12ත්, 19ත් අතර දීර්ඝ කාලීන රෝගවලින් පෙළෙන සහ විශේෂ ආබාධ සහිත දරුවන්.

දරුවන් සඳහා සිදු කරන එන්නත්කරණ වැඩසටහන වයස් කාණ්ඩ 03ක් යටතේ සිදුකිරීමට නියමිතයි.

එහි පළමු අදියර ලෙස අවුරුදු 12ත්, 19ත් අතර දීර්ඝ කාලීන රෝගවලින් පෙළෙන සහ විශේෂ ආබාධ සහිත දරුවන් සඳහා එන්නත් ලබාදෙන අතර, කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහල, අනුරාධපුර සහ කුරුණෑගල රෝහල්වල දී අද මෙම එන්නත්කරණ වැඩසටහන ආරම්භ වනු ඇති.

විශේෂඥ වෛද්‍යවරුන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ දරුවන්ගේ එන්නත්කරණ කටයුතු සිදුකරන බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන කියා සිටියේ.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha