පාසල් විෂය නිර්දේශයට අලුත් විෂයක්.. සිහින දකින සියලු දෙනාට සුබ ආරංචියක්.

School Dinesh gunawardhane New subject Leav
By Aruna Sep 13, 2021 05:48 AM GMT
Aruna

Aruna

Report

පාසලෙන් නීතිවිද්‍යාලයට යන මගක් නීතිය පාසල් විෂය නිර්දේශයට ඇතුළත් කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යංශ උපදේශක කාරක සභාවේදී සාකච්ඡා වී ඇත.

නීතිය වෙනම විෂයක් ලෙස නොව පුරවැසි අධ්‍යාපනය විෂයෙහි කොටසක් ලෙස ඇතුළත් කළ යතු බව එහිදී යෝජනා වී තීබේ.

මේ සඳහා වන තාක්ෂණික කමිටුවේ වාර්තාව සති 2ක් ඇතුළත ඊට අදාළ අනුකාරක සභාව වෙත ලබා දීමට නියමිතයි.

මෙම උපදේශක කරක සභාව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් රැස් වී ඇත.

මේ අතර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම සම්බන්ධයෙන් ලබන සතිය තුළ අවසන් තීරණයක් ගැනීමට බලාපොරොත්තු වන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

පසුගිය මාර්තු මාසයේ පැවති සාමාන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය විෂයන්වල ප්‍රායෝගික පරීක්ෂණ මෙතෙක් සිදුනොකිරීම හේතුවෙන් විභාග ප්‍රතිඵල නිකුත් කිරීම ප්‍රමාද වී ඇති බව වාර්තා වේ.

ගුරු වෘත්තිය සමිති ආරම්භ කර ඇති වර්ජන ක්‍රියාමාර්ගය හේතුවෙන් සෞන්දර්ය විෂයන්වල ප්‍රායෝගික පරීක්ෂණ සිදුකිරීමට නොහැකි වී ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

එම නිසා ප්‍රතිඵල නිකුත් කිරීම ප්‍රමාද වී ඇති අතර ප්‍රතිඵල නිකුත් කිරීම සම්බන්ධයෙන් ලබන සතිය තුළ අවසන් තීරණයක් ගැනීමට බලාපොරොත්තු වන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සඳහන් කළේය.

කෙසේවෙතත් සාමාන්‍ය පෙළ සෞන්දර්ය ප්‍රායෝගික පරීක්ෂණවලින් ඉවත් වීම සම්බන්ධයෙන් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසා සිටියේ, ප්‍රතිඵල ප්‍රමාද වී ඇත්තේ ගුරු වර්ජනය නිසා නොව කොවිඩ් වසංගතය හේතුවෙන් බවය.

මේ වන විට රජය විසින් ප්‍රායෝගික පරීක්ෂණයේ ලකුණු එකතු නොකර විභාග ප්‍රතිඵල නිකුත් කිරීමේ සුදානම් ඇති බව ද ඒ මහතා පැවසීය.

මේ අතර රටට අවශ්‍ය නව ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් සැකසෙමින් පවතින සභානායක අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

ඔහු පෙන්වාදෙන්නේ පාසල්වල පවතින විදුහල්පති පුරප්පාඩු පිරවීම සඳහා නිසි ක්‍රමවේදයක් කඩිනමින් සැකසිය යුතු බවය.

පසුගියදා පාර්ලිමේන්තුවේ පැවති අධ්‍යාපන අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාවේදී අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා එම අදහස් පළ කර තිබේ.

ශ්‍රී ලංකාවේ නීතිය විෂයක් ලෙස පාසල් විෂය නිර්දේශයට ඇතුළත් කිරීම සඳහා වන තාක්ෂණික කමිටු වාර්තාව සති දෙකක් ඇතුළත ඊට අදාළ අනුකාරක සභාවට ලබාදීමට නියමිත බව ද උපදේශක කාරක සභාවේදී අනාවරණය වී තිබුණි.

වර්තමානයේ මතුව ඇති ගුරු – වැටුප් විෂමතා විසදීම පිළිබඳව සහ ගුරුවරුන් ස්ථානගත කිරීමේ වැඩපිළිවෙල පිළිබඳව ද මෙහිදී වැඩිදුරටත් අවධානය යොමු වූ බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha