පාසල් සිසුවියක් ගෙළ වැළලාගනී

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation
By Sewvandhi Aug 04, 2023 09:52 AM GMT
Sewvandhi

Sewvandhi

Report

මීගලෑව පොලිසිය පවසන්නේ, ප්‍රේම සම්බන්ධතාවයන් බිඳවැටීම හේතුවෙන් කලකිරුණු පහළොස් හැවිරිදි පාසල් සිසුවියක් ගෙළ වැළලාගෙන සියදිවි හානි කරගෙන තිබෙන බවයි.

එනම්, මීගලෑව උස්ගල සියඹලන්ගමුව ගල්ගමුව ප්‍රදේශයේ පදිංචි මෙම සිසුවිය සති කිහිපයකට ඉහත දී තරුණයකු සමග නිවසට නොදන්වා පළාගොස් තිබුණා.

 පොලීසිය පවසන්නේ, ඉන්පසුව පොලිසිය විසින් විමර්ශන සිදුකර අදාල තරුණයා අත්අඩංගුවට ගෙන මෙම සිසුවිය පරිවාස භාරයට පත් කිරීමෙන් අනතුරුව නැවතත් නිවසට පැමිණි පසු මෙලෙස සියදිවි හානි කරගෙන ඇති බවයි.

මෙම සම්බන්ධව ඉදිරි විමර්ශන මීගලෑව පොලිසිය විසින් සිදුකරනවා.

ReeCha