පාසල් කිහිපයකට දින නියමයක් නොමැතිව හදිසි නිවාඩුවක්..

Report

ගංවතුර සහ නායයෑමේ අවදානම හේතුවෙන් කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල ප්‍රදේශයේ පිහිටි පාසල් තුනකට සහ මතුගම අධ්‍යාපන කලාපයේ පාසලකට ඊයේ (07 වැනිදා) සිට අයහපත් කාලගුණ තත්ත්වය පහව යනතුරු නිවාඩු ලබාදීමට පාසල් බලධාරීන් තීරණය කර තිබෙන බව වාර්තා වනවා.

ඒ අනුව, හොරණ අධ්‍යාපන කොට්ඨාසයේ බුලත්සිංහල හල්වතුර දෙමළ විද්‍යාලයට, පරගොඩ කිතුලගොඩ කනිෂ්ඨ විද්‍යාලයට සහ ඉහළ වෙල්ගම කනිෂ්ඨ විද්‍යාලයට මෙන්ම මතුගම කලාපයට අයත් මෝල්කාව ධර්මපාල මහා විද්‍යලයට මෙලෙස තාවකාලිකව නිවාඩු ලබාදී ඇති බවයි පැවසෙන්නේ.

මේ අතර, වැසි ඇදහැලීම ආරම්භවූ ඉකුත් 04 වැනිදා සිට ඊයේ (07 වැනිදා) වනතුරු ගංවතුර තත්ත්වය ක්‍රමයෙන් වැඩිවෙමින් පැවැතියද නිවාස ජලයෙන් යටවීමේ අවදානමක් නැතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් රංගන ප්‍රසාද් පෙරේරා මහතා ප්‍රකාශ කළා.

උසස් පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්..

උසස් පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්..

2024 වසරේ සිට විද්‍යාපීඨ වැසෙයි.

2024 වසරේ සිට විද්‍යාපීඨ වැසෙයි.