සියලුම පාසල් සිසුන්ට සුබම සුබ ආරංචියක්...

Education School children National streaming hub
By Aruna Sep 08, 2021 06:37 AM GMT
Aruna

Aruna

Report

කොවිඩ් 19 වසංගත තත්වය හේතුවෙන් අඩාල වී ඇති පාසල් අධ්‍යාපන කටයුතු රූපවාහිනී මාධ්‍යයෙන් දරුවන්ට සමීප කිරීමේ රජයේ වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ස්ථාපනය කරන ලද National Streaming Hub හෙවත් ජාතික අධ්‍යාපන විකාශන මධ්‍යස්ථානයේ කටයුතු ඊයේ ආරම්භ වුණා.

නවීන තාක්ෂණික පහසුකම් සමගින් සහ අධීවේගී අන්තර්ජාල සබඳතා වලින් සන්නද්ධව ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශයේ ස්ථාපනය කර ඇති මෙම මධ්‍යස්ථානය මගින් ජාතික අධ්‍යාපන ආයතනය විසින් නිෂ්පාදනය කරන සියලුම විෂයානුබද්ධ වැඩසටහන් නියමිත කාලසටහනකට අනුව විෂය නිර්දේශයන් ආවරණය වන පරිදි වඩාත් ගුණාත්මකව රූපවාහිනී නාලිකා සහ වෙබ් නාලිකා ව‍ෙත සම්ප්‍ර්ෂණය කිරීම සිදු කෙරෙනවා.

එමෙන්ම එම වැඩසටහන් වල ගුණාත්මක භාවය, සහ පෙළ ගැස්ම විෂය අධ්‍යක්ෂකවරුන්ගේ නිරන්තර අධීක්ෂණය මෙම මධ්‍යස්ථානය තුළ සිදුවන අතර තාක්ෂණික දෝෂ ආදියද මෙහිදී නිරාකරණය කිරීමට පහසුකම් සලසා තිබෙනවා.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්තගේ සංකල්පයකට අනුව නිර්මාණය වූ මෙම මධ්‍යස්ථානය ශ්‍රී ලංකාව තුල මාර්ගගත (online) අධ්‍යාපනය ප්‍රචලිත කිරීම වෙනුවෙන් ගන්නා ලද දැවැන්ත පියවරක් වනවා.

වසංගත තත්වය අවසන් වුවද අඛණ්ඩව ක්‍රියාත්මක වන ව්‍යාපෘතියක් ලෙස මෙය නිර්මාණය කර තිබෙනවා.

මෙමගින් අන්තර්ජාල පහසුකම් ‍නොමැති දරුවන්ට ද රූපවාහිනිය මගින් අධ්‍යාපන කටයුතු නිවසේ සිටම හැදෑරීමට අවස්ථාව ලැබෙනවා. මෙම ව්‍යාපෘතිය ඉදිරියේදී වඩාත් පුලුල් කිරී

ම සඳහා දිවයිනේ දිස්ත්‍රික්ක සියල්ලම ආවරණය වන පරිදි චිත්‍රාගාර පහසුකම් සැපයීමටත් ඒ සඳහා විශාල සම්පත් දායකයින් පිරිසක් සහභාගී කරගැනීමටත් නියමිතයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha