පාසල් යන්න පෙර සියලු ළමුන්ට නිවසේදී ලබා දෙන විශේෂ පුහුණුවක්.

Sri Lanka Education School children School opening Dinesh gunawardhane
By Aruna Oct 07, 2021 07:29 AM GMT
Aruna

Aruna

Report

සියලු මවුපියන්ට විශේෂ නිවේදනයක් පාසල් දරුවන්ට මුව ආවරණ පැලඳීම අනිවාර්යය කර ඇති බව මහජන සෞඛ්‍ය පිලිබඳ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය සුසී පෙරේරා සඳහන් කරයි.

ඕ මේ බව සඳහන් කළේ පාසල් ආරම්භ කිරීමේදී පිලිපැදිය යුතු සෞඛ්‍ය මාර්ගෝපදේශයන් පිළිබඳ මවුපියන්ට දැනුම් දීමක් කරමිනි.

නිවෙස් තුළ ගත කරන මේ කාලය තුළ දරුවන්ට මුව ආවරණය පැළඳීම, එය ඉවත් කිරීම හා එය පැළඳ සිටීම පිළිබඳ පුරුද්දක් ඇති කරවීමට දෙමවුපියන් කටයුතු කරන්නේ නම් අතිශයින්ම වැදගත් බව ඇය පෙන්වා දෙයි.

කොවිඩ් වසංගතය හේතුවෙන් පාසල් වසා දැමීමෙන් පසුව පසුගිය වර සති කීපයක් පාසල් විවෘත කළ අවස්තාවේදී පාසලට පැමිණි දරුවන් මුව ආවරණය පැළඳ සිටීමට එතරම් කැමැත්තක් නොදැක්වූ බව පෙන්වා දෙන නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරිය මුව ආවරණය පැළඳ සිටීමේ වැදගත්කම පිළිබඳ පූර්ව අවබෝධයක් දරුවන්ට ලබා දෙන ලෙසද මවුපියන්ගෙන් ඉල්ලීමක් කරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha