නිවාස සුනුවිසුනු කළ සෞදි ගුවන් ප්‍රහාරය - යේමනයේ 33ක් මරු දකීද්දී තවත් පිරිසක් සුන්බුන් යට

By Malith Madushan Nov 08, 2026 08:42 AM GMT
Report

යේමනයේ අගනුවර වන සනා නගරය ආසන්නයේ පිහිටි බානි හුෂයිෂ් ප්‍රදේශයේ නිවාස ඉලක්ක කර සෞදි අරාබිය එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් පුද්ගලයන් 33 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 39 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

පසුගිය සෙනසුරාදා (07) එල්ල වූ මෙම ප්‍රහාරවලින් මියගිය පිරිස අතර කාන්තාවන් සහ ළමුන් වැඩි වශයෙන් සිටින බව සනා නගරයේ සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබෙනවා.

යේමනයේ සබා පුවත් ඒජන්සිය වාර්තා කර ඇත්තේ ප්‍රහාරවලින් පසු තවත් බොහෝ පිරිසක් සුන්බුන් අතර සිරවී සිටින බවයි. විශේෂයෙන්ම සුන්බුන් අතර සිරවී සිටින පුද්ගලයන් බේරාගැනීමට සහන සේවකයන් පැමිණි අවස්ථාවලදී ද නැවතත් ගුවන් ප්‍රහාර එල්ල වූ බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රකාශක අනිස් අල්-අස්බාහි අල්-මසීරා රූපවාහිනියට පවසා තිබෙනවා.

එම ප්‍රහාරවලින් සහන සේවකයන් පිරිසකට ද ජීවිත අහිමි වී ඇති බව ඔහු සඳහන් කර තිබෙනවා. සනා නුවර සේහතුනා රෝහලේ අධ්‍යක්ෂ අබ්දුල්-අසීස් අල්-දයිලාමි රොයිටර් පුවත් සේවයට පවසා ඇත්තේ හිස, පපුව සහ පාදවලට බරපතළ තුවාල සිදුවූ පුද්ගලයන් රැසක් රෝහලට ඇතුළත් කළ බවයි.

මුම්බායි දුම්රියේ ගුටි බැට හුවමාරුවක් දුරදිග යයි - අවසානයේ එක් මගියෙක් දුම්රියෙන් ඇද වැටෙයි

මුම්බායි දුම්රියේ ගුටි බැට හුවමාරුවක් දුරදිග යයි - අවසානයේ එක් මගියෙක් දුම්රියෙන් ඇද වැටෙයි

මේ අතර, අදාළ ගුවන් ප්‍රහාර පිළිබඳ වාර්තා සම්බන්ධයෙන් විමර්ශනය කරමින් සිටින බව සෞදි අරාබියේ ජාත්‍යන්තර සන්නිවේදන මධ්‍යස්ථානය ප්‍රකාශ කර තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මැදිහත්වීමෙන් 2022 වසරේදී ඇති කරගත් සටන් විරාමය බිඳ වැටීමත් සමඟ යේමනයේ ගැටුම් යළිත් උත්සන්න වී තිබෙනවා.

2026 ජූලි මාසයේදී සෞදි අරාබිය සහ අන්සාරුල්ලා සංවිධානය අතර ගැටුම් යළි ආරම්භ වීමත් සමඟ දෙපාර්ශ්වය අතර ප්‍රහාර සහ ප්‍රතිප්‍රහාර අඛණ්ඩව සිදුවන බව වාර්තා වනවා.

අන්සාරුල්ලා සංවිධානය හූතිවරුන් ලෙස ද ප්‍රසිද්ධ අතර, ඔවුන් සෞදි හමුදා ස්ථාන, ගුවන් තොටුපළ සහ තෙල් යටිතල පහසුකම් ඉලක්ක කර මිසයිල හා ඩ්‍රෝන ප්‍රහාර එල්ල කර තිබෙනවා.

එමෙන්ම රතු මුහුදේ වැදගත් මුහුදු මාර්ගයක් වන බාබ් අල්-මන්දෙබ් සමුද්‍ර සන්ධිය ආශ්‍රිත ප්‍රදේශයේ ද ඔවුන්ගේ බලපෑම වර්ධනය වී ඇති බව සඳහන්.

එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව, යේමනයේ වසර 12ක් පුරා පැවති යුද්ධය හේතුවෙන් මේ වන විට අවම වශයෙන් පුද්ගලයන් 150,000ක් මියගොස් තිබෙනවා.

එම ගැටුම් හේතුවෙන් ආහාර හිඟය සහ රෝග පැතිරීම ඇතුළු බරපතළ මානුෂීය අර්බුදයක් ද නිර්මාණය වී ඇති බවයි වාර්තා වන්නේ.

තවද, ජාත්‍යන්තර සංක්‍රමණ සංවිධානය පසුගිය ඔක්තෝබර් මාසයේදී සඳහන් කර තිබුණේ නවතම ගැටුම් වටය ආරම්භ වීමෙන් පසු යේමනයේ අවතැන් වූ පුද්ගලයන් සංඛ්‍යාව 200,000 ඉක්මවා ඇති බවයි.

කැනඩාවෙන් ලෝකයටම බලපාන අතිවිශේෂ නිවේදනයක් - 200,000කට ස්ථිර පදිංචිය දෙන්න මෙගා ප්ලෑන් එකක්

කැනඩාවෙන් ලෝකයටම බලපාන අතිවිශේෂ නිවේදනයක් - 200,000කට ස්ථිර පදිංචිය දෙන්න මෙගා ප්ලෑන් එකක්