ස.තො.ස වසා දැමීමේ හදිසි තීරණයක්..හේතුව මෙන්න..

Bandula Gunawardane Sri Lanka Politician Lanka Sathosa Economy of Sri Lanka Businessman
By Aruna Jun 18, 2023 04:33 AM GMT
Aruna

Aruna

Report

සමුපකාර තොග වෙළෙඳ සංස්ථාව (ස.තො.ස) වසා දමා එහි දේපළ හා වත්කම් ලංකා සතොසට පැවරීමට වෙළෙඳ අමාත්‍යංශය සූදානම් වන බව මේ දින වල වාර්තා වනවා.

සතොස ආයතනය වසර ගණනාවක්ම දිගින් දිගටම පාඩු ලැබීම මීට හේතුව වී ඇති බවයි පැවසෙන්නේ.

කෙසේවෙතත් සමුපකාර තොග වෙළෙඳ සංස්ථාවේ සේවය කරන සේවකයින් පිළිබඳව පසුව තීරණය කරන බවයි වාර්තා වන්නේ.

සතොස ඈවර කරන්නේද නැද්ද යන්න පිළිබඳව මුදල් අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කර අවසන් තීරණයක් ගන්නා බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසයි.

සතොස ඈවර කිරීමට තීරණය කළහොත් කම්කරු අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කර එහි කාර්ය මණ්ඩලය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට සිදුවන බවද ඔහු සඳහන් කළේය.

බොහෝ පාඩු සිදුව ඇත්තේ ප්‍රවාහන අංශයෙන් සහ දම්වැලේ ගොඩනැගිලිවලින් බවද අමාත්‍යවරයා පවසා තිබේ.

මෙවැනිම තීරණයක් 2005 දී ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබුණත් සතොස කාර්ය මණ්ඩලයේ දැඩි විරෝධය නිසා එය නතර විය.