සරත් ෆොන්සේකාගෙන් සංවේදී Facebook සටහනක්

By Sewvandhi Dec 09, 2021 09:10 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබේ. එහි සටහන් කර ඇත්තේ, හදිසි අනතුරින් ජීවිතක්ෂයට පත්වු ජෙනරාල් බිපින් රාවට් හා එතුමාගේ බිරිඳ ඇතුළු ආරක්ෂක අංශ සාමාජිකයින් සියලුදෙනාට තමාගේ බලවත් සංවේගය පළ කරන බවය.

වැඩිදුරටත් එහි සඳහන් කර ඇත්තේ, "ජෙනරාල් බිපින් රාවට්ගේ හදිසි අභාවය කලාපයට ම බලවත් පාඩුවක්" යනුවෙනි.

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ කොයිමබතෝර් සහ සුලුර් අතර ප්‍රදේශයේ දී හෙළිකොප්ටරයක් කඩා වැටීමෙන් ඉන්දීය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි බිපින් රවාට් මහතා ඊයේ ජීවිතක්ෂයට පත්විය.

අනතුරින් ජෙනරාල්වරයාගේ බිරිඳ ඇතුළු 13දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ. ඉන්දීය මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කර තිබුණේ එම යානයේ පුද්ගලයින් 14 දෙනෙකු ගමන් කර තිබූ බවය.

එම සටහන පහතින්.. 

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW


Gallery