රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තට අධිකරණ නියෝගයක්.
අධිකරණයට අපහාස කළැයි චෝදනා කරමින් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාට එරෙහිව ගොනුකර තිබෙන පෙත්සම් තුනක් සම්බන්ධයෙන් පැමිණිලි අද (28) අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.
ඒ අනුව ජූනි මස 27 වන දා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය දින නියම කර ඇත.
එහිදී රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා ද අධිකරණයේ පෙනී සිටි අතර එහිදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනෙවිය අධිකරණයට පැවසුවේ වගඋත්තරකාර රාජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රකාශය අන්තර්ගත බව කියන වීඩියෝ පටයට අදාළ රජයේ රස පරීක්ෂක වාර්තාව අධිකරණයට ලැබී ඇති බව ය.
ඉන් අනතුරුව පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා ඇතුළු නීතිඥවරු අදාළ පෙත්සම විභාගය සඳහා දින නියම කරන්නැයි ඉල්ලා සිටියේ ය.
ශ්‍රී ලංකා අධිකරණ නිලධාරීන්ගේ සංගමය, විජිත කුමාර හා ප්‍රියලාල් සිරිසේන යන නීතිඥවරු දෙදෙනෙකු විසින් එම පෙත්සම් 3 ඉදිරිපත් කර ඇති අතර ඒ ඉකුත් අගෝස්තු මස 23 වනදා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී අරගලකරුවන්ට ඇප ලබාදීමට මහෙස්ත්‍රාත්වරු කටයුතු කිරීම සම්බන්ධයෙන් සනත් නිශාන්ත මහතා සිදුකළ ප්‍රකාශයකින් අධිකරණයට අපහාසයක් සිදු වී ඇතැයි චෝදනා කරමින් ය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |
