රජයෙන් ලැබෙන සුබ සාධන ප්‍රතිලාභ අයදුම්කිරිම ගැන සියලුදෙනාට විශේෂ දැනුම්දීමක්..!

Sri Lanka Sri Lanka Government
By Sewvandhi Sep 29, 2022 09:09 AM GMT
Sewvandhi

Sewvandhi

Report

සුබ සාධන ප්‍රතිලාභ ගෙවීම සඳහා අයදුම්පත් භාරගැනීමේ කාලය තවදුරටත් දීර්ඝ කර තිබේ. ඒ සඳහා ලබාදී තිබූ කාලය හෙට (30) දිනයෙන් අවසන් වීමට නියමිත අතර එම කාලය ඔක්තෝබර් මස 15 වනදා දක්වා දීර්ඝ කර ඇති බව මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය සඳහන් කළේය.

දැනට සමෘද්ධි, වැඩිහිටි, ආබාධිත, වකුගඩු රෝගී ජිවනාධාර සහ මහජන ආධාර ලබන සියලු ප්‍රතිලාභීන්, පොරාත්තු ලේඛනවල සිටින අයදුම්කරුවන් සහ ප්‍රතිලාභ අපේක්ෂිත සියලු පිරිස් මෙම නව ලියාපදිංචිය සඳහා ඇතුළත්වීම අනිවාර්ය කර තිබේ.

මේ සඳහා අයදුම්කරන සියලු පුද්ගලයින් ආදර්ශ අයදුම්පත සම්පූර්ණ කර තමා අයත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට භාරදිය යුතු වේ. කෙසේවෙතත් දැනට ප්‍රතිලාභ ලබන කිසිදු පාර්ශවයකට එය අහිමි විමේ අවධානමක් නොමැති බව වැඩබලන මුදල් අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සඳහන් කළේය.


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now


ReeCha